අද(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ...
අද(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පළ කර තිබේ.
ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේ හැසිරීම ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.
I thank all the Party Leaders and Parliamentarians for adopting a peaceful and consensual course of action at the Parliament today, following my meeting with the Party Leaders last evening.
— Maithripala Sirisena (@MaithripalaS) November 19, 2018
COMMENTS