රනිල් වික්‍රමසිංහට දේශපාලනය තේරෙන බවත්, හැරිසන්ට හා ඔහුගේ නායක තුමා වන සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනය නොතේරෙන බවත්, රනිල් මේ රටේ මහ බැංකු ස...
කොත්මලේ මැතිවරණ කොට්ඨාශයේ අද (20) පෙරවරුවේ ජන හමුවක් ඇමතීමෙන් අනතුරුව මාධ්‍යෙවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“රනිල් කියන්නේ මේ රටේ මහ බැංකු හොරකම නිර්මාණය කරපු හදපු මනුස්සයා. මහ බැංකව තමුන්ගේ යටතට අරගෙන, මහ බැංකුවට විදේශිකයෙක් ගෙනල්ලා දාලා ලෝකේ කිසිම රටක නොවෙච්ච විදිහට රටක මධ්‍යම බැංකුවේ හොරකමක් කරපු මිනිහ තමයි රනිල්. ඒ නිසා රනිල් අපට කොහොමටවත් හොඳ වෙන්නේ නෑ.
රාජ්‍ය සේවය හයලක්ෂ හතලිස්දාහක් ඉද්දී ලක්ෂ 03 නට අඩු කරන්න ඕන කියල ප්‍රතිපත්ති ප්‍රකාශණය ලිව්ව පුද්ගලයා.හැබැයි ඒක එහෙම නොවෙයි. හැරිසන්ට මම කියපු දේ නොතේරුණාට මම කිව්වේ අපේ අන්තිම පාර්ලිමේන්තු සැසිවාරෙදි පාර්ලිමේන්තු ඇසිතමේන්තුවක් දානව බිලියන 600 ක. ඒක දැම්මේ අපේ ණය ගෙවන්න නොවෙයි. රනිල්ලාගේ හා සජිත්ලාගේ ආණ්ඩුව රටේ මිනිස්සුන්ට කොන්ත්‍රාත්කරුවන්ට, ආමි එකට කැම දිපු, සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙහෙත් ගෙනල්ල දීපු, අධ්‍යාපන අමාත්‍යාංශයට පොත් පත් ගෙනල්ල දීපු මිනිස්සුන්ට ගෙවන්න තිබූ මුදල් ගෙවන්න. හැබැයි ඒක අනුමත කළේ නෑ. අංකුර තියන දේශපාලනඥයන්ට හැර වෙන අයට ඒක කරන්න අමාරුයි. ඉතිං මම දන්නවා රනිල්ට අං නෑ කුර නෑ කියල. මම කිව්වේ රනිල් ඒක කරන්නේ නෑ කියල. ඊට වඩා එයා කපටියි. හැබැයි ඒ දේශපාලනය අපට සදාකාලිකව නොගැලපෙනව.
මෙවර මැතිවරනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායමට බොහෝම ලේසියෙන් අටෙන් 05 ක් නිකම්ම එනව. දැන් අටෙන් 05 ක් නිකම්ම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ කණ්ඩායම් දෙකේ, මේ කැඩිල්ල නිසා. දැන් සාමාන්‍යයෙන් රට කැඩිලා තියෙන්නේ පණහක් රනිල්ට. විස්සක් සජිත්ට නේ. නුවරඑළිය යූ.එන්.පිය කැඩිල තියෙන්නේ රනිල්ට පක්ෂපාතව. ඒ නිසා දිස්ත්‍රික්කයේ අවුලක් තියෙනවා. සමහර විට ඔය කණ්ඩායම් දෙකෙන් එක්කෙනෙක්වත් නොඑන්න පුළුවන්. එහෙම වුණොත් අපි 06 කට යනවා.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ, නුවරඑළිය දිස්ත්‍රික් අපේ ලැයිස්තුවට ශ්‍රී.ලං. නි පක්ෂයෙන් අපි ඉල්ලුවා අපේක්ෂකයෝ දෙන්නෙකුගේ නම්. අපට එක් නමයි දුන්නේ. ඒ නම අපි ඇතුල් කළා. නමත් ඇතුල් වෙලා නාම යෝජනා ගත්තට පස්සේ පොදුජන පෙරමුණට බැඳුනා. ඉතිං ඒකට අපි මොනවා කරන්නද? දැන් දයාසිරි ජයසේකර මැතිතුමා නුවරඑළියට ඇවිල්ලා ශ්‍රී.ලං.නි.පක්ෂයේ අත ළකුණට ඡන්දය දෙන්න කියන්න තමයි ආවේ. එයා තරඟ කරන්නේ පෙහොට්ටුව ළකුණෙන්. ඒ නිසා මම හොඳට බලන්න කිව්වා කට්ටියට දයාසිරි ජයසේකර කළිසමක් ඇඳගෙන ඉන්නවද කියල. පොහොට්ටුවෙන් තරඟ කරන ගමන් මෙහේ ඇවිල්ල කියනව අතට ඡන්දය දෙන්න කියල.”
GK ක්‍රිෂාන්තන්
COMMENTS