ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළි...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
විශේෂයෙක් ද ෆිනෑන්ස් සිදුවීමේදී අර්බුදයක් ඇති නොවන ආකාරයට මැදිහත් වීමට මහ බැංකුවට අවස්ථාවක් තිබුණද එය ඉටු නොකළ බව ඔහු පැවසීය.
මීට පෙර මෙවැනි තත්ත්වයන් ඇති වූ විට මනා ලෙස එය කළමනාකරය ගත් තැනැත්තෙකු ලෙස ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන්නද මහබැංකුවේ ස්ථාවරය වූයේ එම ආයතනය වසා දැමීමේ යයිද කබ්රාල් මහතා පැවසීය.
දැනට සිදුව ඇති වැරදි වහා නිවැරදි කර ද ෆිනෑන්ස් ආයතනය නැවත ස්ථාපිත කර ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
නමුත් දැනට ඉන්නා කණ්ඩායම් සමග එය සිදුකල නොහැකි බවද හිටපු මහබැංකු අධිපති පැවසීය.
ජනතාවගේ පාර්ශවයෙන් කල්පනා කරමින් මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ ආපසු හැරවීමට සිදුව තිබෙන බවත් එය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS