දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහලට.. නීති විරෝධී තමිල්නාඩු සංග‍්‍රමණ නිසා ලංකාව දැඩි අවදානමක
Homeප්‍රවෘත්ති

තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහලට.. නීති විරෝධී තමිල්නාඩු සංග‍්‍රමණ නිසා ලංකාව දැඩි අවදානමක

PropellerAds

හෙ ල බොදු සවිය සංවිධානය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, 2020.06.09 සු...

රාහුල්ගෙන් ඉගෙන ගනිමුද ?
53’ අගෝස්තු ජනතා නැගිටීම - ප්‍රේමපාල හේවාබටගේ
සාර්ථක ෆින්ලන්ත සංචාරය නිමවා අගමැති දිවයිනට
හෙල බොදු සවිය සංවිධානය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, 2020.06.09
සුවසිරිපාය,
පූජ්‍ය බද්දේගම විමලවංස මාවත,
කොළඹ 10.

අධ්‍යක්ෂකතුමනි,

ඉන්දියන් මුහුදු තීරය හරහා මෙරටට කොරෝනා රෝගීන්
පැමිණීමේ අවදානම සම්බන්ධවයි.

ශ්‍රි ලංකාව තුළ කොරෝනා වෛරසය යම් තරමක් හෝ පාලනය කරන ලද්දේ ඔබතුමන් ඇතුලු සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මෙරට ජනතාව කරන ලද කැප කිරීම නිසාය. එබැවින් එම කැප කිරීම තවදුරටත් ආරක්ෂා කර ගැනීම සදහා අප මේ මොහොතේ ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය.

අද වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසය ඉතා සීඝ්‍රෙයන් පැතිරෙමින් පවතී. ඒ අනුව දැනට ආසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ 5 වන ස්ථානයට ඉන්දියාව පත් වී ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් කොරෝනා රෝගීන් 30,000 පමණ වාර්ථා වේ.කොවිඩ් ආසාදිත මරණ 260 ඉක්මවා ඇත. ඒ අනුව තවදුරටත් මුහුදු මාර්ග ඔස්සේ දෙමළ සහ දෙමළ නොවන සරණාගත දෙමළ පවුල් මෙන්ම තමිල්නාඩු හා වෙනත් ඉන්දියානු වැසියන් මෙරටට පැමිණිය හැකිය. එය මෙරට ජනතාවගේ සෞඛ්‍යයට මාරාන්තික බලපෑමක් එල්ල කරයි.

මෙතෙක් සෞඛ්‍ය අංශ, පොලිසීය, ආරක්ෂක අංශ මෙන්ම ජනතාවට ද ඉමහත් කැපකිරීම් කොට කොරෝනා රෝගය පැතිරීම යම් දුරකට පාලනය කරගෙන තිබුණද, ඉහත කී පරිදි කොරෝනා ආසාධිතයන් නිතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වුවහොත් මෙතෙක් සිදු කළ සියලු කැප කිරීම් ඵලරහිත වනු ඇත.

ඉන්දියාව තුල කොවිඩ් 19 වෛරසය පැතිරීම අප රටට සුභදායක නොවේ. මෙරට දීර්ඝ කාලයක් මුලුල්ලේ තමිල්නාඩුවේ දෙමළ ජනයා නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස මෙරටට පැමිණි බව නොරහසකි. ඔවුහු බොහෝ දෙනෙක් දෛනික වැටුපට කම්කරුවන් ලෙස මෙරට විවිධ පළාත් වල කටයුතු කරති. පසුගිය ජුනි 02 වන දින සරණාගත පවුලක සාමාජිකයින් බෝට්ටුවක් මගින් ශ්‍රි ලංකාවට පැමිණි බව වාර්ථා වී ඇත.

එබැවින් ඔබතුමන්ගේ අවධානය මේ පිළිබදව යොමු කරන ලෙසත්, නාවික හමුදා ශ්‍රිලංකා මුහුදු තීරය තුල සීරුවෙන් තැබීමට කටයුතු කරන ලෙසද අවධාරණය කර සිටිමු.

බුදුගල ජිනවංස හිමි
(සභාපති)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහලට.. නීති විරෝධී තමිල්නාඩු සංග‍්‍රමණ නිසා ලංකාව දැඩි අවදානමක
තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහලට.. නීති විරෝධී තමිල්නාඩු සංග‍්‍රමණ නිසා ලංකාව දැඩි අවදානමක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0zhobB_pN8DOca_Fulr3n5Sdo0q2nFc70GxRFu1n5RxbQwx0fu49nioTsAI2D6QkNC_J4TtGEyge3MXr-SMmaIOQLoPmtzSld51ARk8g9IHI4q5eKL6e6n7832p2GUvUNg5DCMR03sYQ/s320/boat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0zhobB_pN8DOca_Fulr3n5Sdo0q2nFc70GxRFu1n5RxbQwx0fu49nioTsAI2D6QkNC_J4TtGEyge3MXr-SMmaIOQLoPmtzSld51ARk8g9IHI4q5eKL6e6n7832p2GUvUNg5DCMR03sYQ/s72-c/boat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy