මෙම සංචාරය අතරතුරදී ෆින්ලන්ත ආධාර යටතේ ශ්‍රී ලංකාව පුරා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, ශ්‍රී ලංකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන සිස...
මෙම සංචාරය අතරතුරදී ෆින්ලන්ත ආධාර යටතේ ශ්‍රී ලංකාව පුරා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, ශ්‍රී ලංකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ලක්ෂ 2ක් සඳහා ටැබ්ලට් පරිඝනක ලබා දීමටත්, දිවයින පුරා නොමිලේ වයි-ෆයි පහසුකම් සැලසීමට ෆින්ලන්ත ආධාර ලබා දීමටත් අවශ්‍ය අවබෝධතා ගිවිසුම් අත්සන් තැබිණි.
අග්‍රාමාත්‍යවරයා ෆින්ලන්ත සංචාරය අවසන් කිරීමට නියමිතව තිබුණේ 15 වනදා බවටත් මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් බැඳුම්කර කොමිසම හමුවට කැඳවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා හදිසියේ අද දිවයිනට පැමිණෙන බවටත් වශයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පතුරුවන දූෂමාන ආරංචි අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කළ පරිදිම තම සංචාරය නිමවා අද දිවයිනට පැමිණෙන බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් සාමාන්‍ය පරිදි බැඳුම්කර කොමිසම හමුවට ගොස් සිය ප්‍රකාශ ලබා දී ඇති බවත් එහි ඇති විශේෂත්වයක් නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS