නීතිවිරෝධී ලීසිං මාෆියාව මැඬපැවැත්වීම සඳහා තමන් සතු බලතල ක්‍රියාවට නැඟීමේදී ශ්‍රී ලංකාව මහබැංකුව ඉතාම මන්දෝත්සාහී වී ඇති බවත් ලීසිං මාෆියාව...
"ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයෙක් විදියට කටයුතු කරපු සුනිල් ජයවර්ධන මහත්මයා ලීසිං මාෆියාවේ මැරකල්ලි විසින් පහරදීලා මහදවල් මරාදමනු ලැබ තිබෙනවා. මේ සිද්ධිය දැකපු මේ රටේ හදවතක් තියෙන හැම මිනිහෙක්ම ඉමහත් වේදනාවට හා කම්පාවට පත්වුණා.
මෙතනදි ඉතාම කණගාටුදායක දේ තමයි ශ්‍රී ලංකා මහබැංකුව ලියාපදිංචියකින් තොරව, තමන්ගේ අනුමැතියකින් තොරව මේ විදියේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක වීම පිළිබඳ සොයාබැලීම ඉතාම මන්දෝත්සාහී විදියට සිදුවෙන්නේ. ඒ සොයාබැලීමේ තියෙන දුර්වලතාව තමයි මේ නීතිවිරෝධී ලීසිං ආයතන පාවිච්චි කරන්නෙ. මේ නීතිවිරෝධී මැර ලීසිං ව්‍යාපාරය වහාම නතර කිරීම මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කළයුතුව තිබෙන දෙයක්.
ඇත්ත වශයෙන්ම අපි කණාගාටුවට පත්වෙනවා, ලැජ්ජාවට පත්වෙනවා මේ වගේ නීතිවිරෝධී ලීසිං ව්‍යාපාර මේ රට තුළ ක්‍රියාත්මකව තිබිම සහ ඔවුන්ට නීතිය අබිබවා ගිහින් මේ රටේ මිනිස්සුන්ගේ දේපළ හා ජීවිත අත්පත් කරගන්න, ගොදුරු කරගන්න හැකියාව ලැබී තිබීම ගැන.
ප්‍රමාදවෙලා හරි මීළඟ පාර්ලිමේන්තුව මේ ලීසිං මාෆියාව මේ රටේ ක්‍රියාත්මක නොවෙන තත්වයකට පත්කළ යුතුයි. ඒවගේම මහබැංකුව කියන ආයතනය කුඹුරේ හිටවපු පඹයෙක් බවට පත්වෙලා ඉන්නෙ නැතුව තමන් සතුව තිබෙන නීත්‍යානුකූල බලය මේ විදියේ නීතිවිරෝධී ලීසිං සමාගම් මැඬපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
COMMENTS