ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිස්සු ව්‍යවස්ථාවක් බවත් මේ මොංගල් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් ලබාගත යුතු බවත් ශ්‍රී ල...
"මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ. මේක පිස්සු ව්‍යවස්ථාවක් ගෙනාව යහපාලන ආණ්ඩුව විසින්. මේක මොංගල් ව්‍යවස්ථාවක්. පිස්සු ව්‍යවස්ථාවක් අපෙ හාමුදුරුවනේ. මොංගල් කාරයින් විසින් හදපු මොංගල් ව්‍යවස්ථාවක් අපෙ හාමුදුරුවනේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මේක වෙනස් කරන්න ඕනෙ. තුනෙන් දෙකේ බලයක් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.
මෙය පිස්සු ව්‍යවස්ථාවක් වශයෙන් දැන් හැඳින්වුව ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 අප්‍රේල් මාසයේදී සම්මත කෙරුණේ ජොන්ස්ටන්ලාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද පූර්ණ සහාය ඇතිවය. ජොන්ස්ටන්ලා මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්නේ ද මේ මොංගල් යැයි දැන් කියන ව්‍යවස්ථාව දිවිහිමියෙන් සුරකින බව පවසමිනි.
COMMENTS