ම හත් ආන්දෝලනයකට ලක් වූ මිග් 29 ගනුදෙනුව සිදුවූවා යැයි සඳහන් යුක්ක්‍රේන්මාෂ් (ukrinmash) නමැති ආයතනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 ...
මහත් ආන්දෝලනයකට ලක් වූ මිග් 29 ගනුදෙනුව සිදුවූවා යැයි සඳහන් යුක්ක්‍රේන්මාෂ් (ukrinmash) නමැති ආයතනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 බී වර්ගයේ ගුවන් යානා තුනක් අලුත්වැඩියාව සඳහා ලබා දීමට පසුගිය යහපාලන ආණ්ඩුව කැබිනට් අනුමැතිය ලබා දී ගිවිසුම් ගත වී ඇති බවට වාර්තා වනවා.
1993 වර්ෂයේ දී අදාළ ආයතනයෙන් ඇන්ටනොව් 32B වර්ගයේ SCM-860, SCM-863 සහ SMC-869 අංක දරන ගුවන් යානා මිල දී ගෙන ඇති අතර එම සමාගමෙන්ම ඍජුවම අලුත්වැඩියා කරගැනීමේ හැකියාව තිබියදී ඒජන්තයෙකුගේ මාර්ගයෙන් ලබා දීමෙන් රජයට කෝටි 25ක පාඩුවක් සිදුවන බව ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
2019 ඔක්තෝබර් 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයේ දී අවම ලංසුකරු වශයෙන් යුක්ක්‍රේන්මාෂ් ආයතනයට එම යානා තුන අලුත්වැඩියා කිරීමට තීන්දු කර තිබෙනවා.
අදාළ කොන්ත්‍රාත්තුව පිටුපස පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු හා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ වුවමනාවට ඒජන්තයෙකු හරහා එම සමාගමට යානා අලුත්වැඩියා කිරීමට ලබාදීමට තීරණය කර තිබුණා.

COMMENTS