මා වනැල්ල හිගුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසල ඇති බුදු මැදිරේ ඉදිපස විදුරුවක පහර දිමෙන් අලාභාහනි සිදු වි ඇති බව මාවනැල්ල පොලිසිය කිය...
මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසල ඇති බුදු මැදිරේ ඉදිපස විදුරුවක පහර දිමෙන් අලාභාහනි සිදු වි ඇති බව මාවනැල්ල පොලිසිය කියයි.
මෙම පහර දිම කිසියම් අන්තවාදී පිරිසක් විසින් සිදු කරන්නට අතැයි පොලිසිය සැක පහල කරයි. මෙයට වසර දෙකකට පෙරද මෙම බුදු මැදුරට පහර දි අලාභානි සිදු කර තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මාවනැල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
එමෙන්ම මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ අලූත්නුවර නගරයේද බුදු පිළිමක ඉදිපස විදුරුවකට හානි කර ඇති අතර එම පහර දිමෙන් විදුරුවට හානි සිදු වි ඇත. ප‍්‍රදේශවාසින් පවසන අන්දමට මිට දින තුනකට කලින් රාත‍්‍රී කාලයේ මෙම බුදු මැදුරේ විදුරුවට පහර දිම සිදු වි ඇති බවද ප‍්‍රදේශවාසීන් කියයි.
පොලිසිය විසින් මෙම ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කට උත්තර සටහන් කර ගෙන ඇති බවත් පොලිසිය විසින් අද එම ප‍්‍රදේශයේ සි.සි.ටි.වි කැමරා පද්ධති කිහිපයක්ද නිරික්ෂණය කිරිමට සුදානමින් සිටින අයුරුද මාධ්‍යවේදීන්ට දැක ගැනිමට හැකි විය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදු වු ස්ථානයට පැමිණි සබරගමු පළාත් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී උපුල් ශාමල් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසිය.
ගිය පාරත් මාවනැල්ලේ මේ වගේ සුළු සිද්ධියකින් තමා පටන් ගෙන බොහෝ දුර මේක ගියේ. අපි මේ ප‍්‍රදේශයේ ජීවත් වෙන අය විදිහට අපිට දැනෙන දේ තමා මේ සිද්ධි වලට අදාල ප‍්‍රධාන කණ්ඩායම තාම නිදැල්ලේ සැරිසරනවා.
මේ අල්්ලාගෙන ඉන්නේ කොහාටවත් නැති අතරමැදියෝ පිරිසක්. ඒ ප‍්‍රධාන අය අරගත්තේ නැති නිසා තමයි මං හිතන්නේ මේ බිම් මට්ටමේ ඒ ගොල්ලෝ කි‍්‍රයාකාරීව ඉන්නවා. මේකෙන් වෙන්නේ සියලූම සාධාරන සිංහල මුස්ලිම් දෙගොල්ලටම ලොකු සමාජ ප‍්‍රශ්නයක් මෙන්ම සමාජයේ භීතියක් මේ හරහා සිදු වෙනවා. ඒ නිසා කවුරු උනත් කමන් නැහැ මේකට අදාල මේකේ ඉන්න අන්තවාදී කි‍්‍රයාකාරි පිරිස ඉක්මනින්ම අත්තඩංගුවට ගත්තේ නැත්තම් මේක තවත් දුරදිග යන්න පුලූවන් ලොකු ප‍්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා. අපිට දැනෙන විදිහට අන්තවාදී කි‍්‍රයාකාරී කණ්ඩායම් නෙවෙයි මේ අත්තඩංගුවට අරන් තියෙන්නේ ඒවට සම්බන්ධවෙච්ච ගැවිච්ච අය තමා අත්ඩංගුවට අරන් තියෙන්නේ ඒ කි‍්‍රයාකාරීන් තාමත් නිදැල්ලේ සැරිසරනවා කියන එක තමා දැනට නම් අපිට තේරෙන්නේ යැයිද පැවසිය.
කෙසේ වෙතත් මාවනැල්ලේ එක දිගටම සිද්ධින් කිහිපයක්ම වාර්තා විය. ඒ අතරේ තාමත් සොයා ගැනිමට නොහැකි වු මාවනැල්ලේ ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමට ආරක්ෂා කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කර ඇත. සහරාන්ගේ ක‍්‍රීයාකාරකම් ආරම්භය සිදු වු බුදු පිළිම කැඩිම 2018 වසරේ මුල ආරම්භය සිදු වන්නේද මාවනැල්ල ප‍්‍රදේශයෙන් වන නිසා මේ පිළිබඳව රටේ සියලූම වගකිව යුතු අංශ වල විශේෂ අවදානය ඒ වෙත යොමු විය යුතුව ඇත.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර

COMMENTS