දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..
Homeප්‍රවෘත්ති

මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..

PropellerAds

හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වෙමින් ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස්...

ITN සේවක විරෝධය : නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තනතුරකට හිතවතෙකු පත් කල බවට මංගල පිළිගනී
"සිව් වසරක අවපාලනයක්" - මහින්දගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්
අප්‍රසාදය පල කරමින් පැෆ්රල් සංවිධානයෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්
හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වෙමින් ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පාතාල කණ්ඩායම් අතරින් 20 ක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය තත්ත්වයේ පවතින අතර දකුණු පළාතේ ප‍්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගෙන පාතාල කණ්ඩායම් 6 ක් ක‍්‍රියාත්මක වන බව ද හෙළි වී තිබේ.

මෙම පාතාල කණ්ඩායම් බහුතරයක නායකයන් ලෙස කටයුතු කරන අපරාධකාරයන් විදේශගතව සිටින අතර තවත් පිරිසක් පාතාල කල්ලි මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ සිට බව ද වාර්තා වෙයි.

බස්නාහිර පළාත කේන්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් මෙසේය.

දෙමටගොඩ චමින්ද සහ ඔහුගේ සොහොයුරු මෙහෙයවන පාතාල කල්ලිය දෙමටගොඩ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන සක‍්‍රීය තත්ත්වයෙන් සිටියි. දෙමටගොඩ චමින්ද බන්ධනාගාරගතව සිට සිය කල්ලිය මෙහෙයවනු ලබන බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවන කල්ලිය කොටහේන බ්ලූමෙන්ඩල් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. සංඛ විදේශගතව සිට සිය කල්ලිය මෙහෙයවයි.

අංගොඩ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් අංගොඩ ලොක්කා මෙහෙයවන කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. අංගොඩ ලොක්කා ඩුබායි රාජ්‍යයේ සිට සිය කල්ලිය මෙහෙයවයි.

පස්පොඞ්ඩා මෙහෙයවන පාතාල කල්ලිය ගම්පහ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙයි. කඩුවෙල ප‍්‍රදේශයේ සක‍්‍රීයව පවතින පාතාල කල්ලිය මෙහෙයවන්නේ ඌරුජුවා නමැති අපරාධකරු විසින්ය. ඌරුජුවා සිය කල්ලිය මෙහෙයවන්නේ බූස්ස බන්ධනාගාරයේ සිටය.

¥නගහ සුජී මෙහෙයවන කල්ලිය දිවුලපිටිය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. බැරල් සංඛ නමැති අපරාධකරු පෑලියගොඩ ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගෙන සිටියි.

ගොනාකෝවිලේ අංජු ඉතාලියේ සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි. ගොනාකෝවිලේ රොහා මෙහෙයවන කල්ලිය මොරටුව, රත්මලාන ප‍්‍රදේශ කේන්‍ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙයි.

කොටහේන මෝදර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගත් පාතාල කල්ලියට නායකත්වය දෙන්නේ පූකුඩුකන්නා සහ කෙනඩි නොහොත් බුම්මා විසින් ය.

මෝදර ප‍්‍රදේශය සිය පාතාල බලකොටුව කරගත් වැල්ලෙ සුරංග සිය කල්ලිය මෙහෙයවයි. කොටහේන ජම්පටාවීදිය සිය රජදහන කරගත් පාතාල සෙල්ලිගේ පුතුන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් පාතාල කල්ලියක් මෙහෙයවයි.

මාලිගාවත්ත පාතාල රාජධානියට නායකත්වය දෙන්නේ දැනට අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් ය.

වනාතමුල්ල ප‍්‍රදේශයේ සිය පාතාල කණ්ඩායම කේන්‍ද්‍ර කරගෙන බිම්සර නමැති අපරාධකරු ක‍්‍රියාත්මක වෙයි. මට්ටක්කුලියේ කුඩු රොෂාන් ද මෝදර ප‍්‍රදේශයේ පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරයි.

ගනේමුල්ලේ සංජීව ගම්පහ ගණේමුල්ල ප‍්‍රදේශය පුරා සිය පාතාල බලය ක‍්‍රියාත්මක කරගෙන සිටියි

කඩුවෙල ‘ඉන්‍ද්‍රා’ නමැත්තා ද හංවැල්ල. කඩුවෙල, රණාල, බෝමිරිය ප‍්‍රදේශවල පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියි. කෙසෙල්වත්ත ඩිනුක ඩුබායි හි සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මේ අතර දකුණු පළාත කේ්න්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් 6 ක් මෙසේය.

කොස්ගොඩ තාරක බන්ධනාගාරගතව සිට ගාල්ල, රත්ගම, කොස්ගොඩ ප‍්‍රදේශවල සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය මාතර, කඹුරුපිටිය, මාකඳුර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක වන අතර, එම කල්ලිය මාතර ඩිල්ෂාන්, හරක්කටා යන පාතාල සාමාජිකයන් විසින් මේ වන විට මෙහෙයවයි.

මිදිගම චින්තකගේ කල්ලිය ද දකුණු පළාතේ ක‍්‍රියාත්මක වන තවත් පාතාල කල්ලියකි. රත්ගම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආමි අමිල නමැත්තා මෙහෙයවන පාතාල කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. තංගල්ල ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගත් නේවි රුවන් පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරගෙන යන බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

– divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..
මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG9XIW4LI8i1boUvpTxD9RyL_f94SeFZAasKvjoDGwIYocdu0T8t4xQJSp20-zBYknkGCIFYicdS3hvZ-GUIK9uo67t5Pqxw3ASqRbONeHwnGoAMrjHjL_zaRcxgMi2BQyzvN9DSGM8Co/s320/pathala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG9XIW4LI8i1boUvpTxD9RyL_f94SeFZAasKvjoDGwIYocdu0T8t4xQJSp20-zBYknkGCIFYicdS3hvZ-GUIK9uo67t5Pqxw3ASqRbONeHwnGoAMrjHjL_zaRcxgMi2BQyzvN9DSGM8Co/s72-c/pathala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/26_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/26_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy