පා ස්කු ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාරයේ සෙසු ත්‍රස්තයන් ගෙන්වා අන්තවාදී අදහ...
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාරයේ සෙසු ත්‍රස්තයන් ගෙන්වා අන්තවාදී අදහස් සහ අවි ආයුධ පුහුණුව පිළිබඳ දේශන පැවැත්වූ මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයේ තිබී සැකකටයුතු ලිපි ලේඛන සහ පොත් තොගයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගනු ලැබ තිබේ.
මෙම පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධානියා වන මොහොමඩ් සහරාන් ළඟින් ඇසුරු කළ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය නොවන සංවිධායනයේ සාමාජිකයා විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම ලිපි ලේඛන හා පොත් සොයාගෙන ඇත.
මෙම පොත්පත් සහ ලිපි ලේඛන අන්තවාදී සහ ත්‍රස්තවාදී අදහස් තරුණයන්ට කාවැද්දීම සඳහා යොදා ගෙන ඇති බවට සැක කෙරෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සැකකරුගේ ප්‍රකාශ මත මෙම පුහුණු මධ්‍යස්ථානය සොයාගෙන ඇති අතර ඊට මේ වන විට පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබේ.
මෙම පුහුණු මධ්‍යස්ථානයට විටින් විට පාස්කු ප්‍රහාරයේ නායක මොහොමඩ් සහරාන් මෙන්ම කොළඹ ෂැංගි්‍රලා හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන සොයුරන් දෙන්නාද පැමිණ දේශන පවත්වා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය නොවන සංවිධානයේ සහ මෙම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානියා රැඳවුම් නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන සිදු කරයි.
තවද මෙම සැකකරු විසින් කොළඹ 15 ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දෙවැනි තට්ටුවෙහි සිය රාජ්‍ය නොවන සංවිධානයේ කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි තිබී තවත් රහසිගත ලිපි ලේඛන ගණනාවක් සහ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ලද බැංකු රිසිට්පත් ගණනාවක්ද ඊයේ පස්වරුව වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
එම රිසිට්පත් හරහා මෙම රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ආයෝජනය කළ පිරිස්ද හෙළිව ඇති අතර එම රිසිට්පත් ඔස්සේ මෙම රාජ්‍ය නොවන සංවිධානය සමඟ ගනුදෙනු කළ පිරිස සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම කාර්යාලයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ මුද්‍රා තබා තිබේ.
තවද සැකකරු සම්බන්ධයෙන් සිදුවන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.

COMMENTS