ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව එම සමාගම විසින් අ...
ඒ අනුව එම සමාගම විසින් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩිකර තිබේ.
IOC සමාගම විසින් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 කි.
මෙය සිදුවන්නේ ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහළට වැටී ඇති වාතාවරණයක් තුළ වීම ද විශේෂත්වයකි.
රජය විසින් ඉන්ධන මත පනවා ඇති බදු වැඩි කිරීමට ද පසුගියදා ක්‍රියාකර තිබිණි.
COMMENTS