ජ නාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06 වැනිදා) පෙරවරුවේ ඇමැති මණ්ඩල රැස්වීම පැවති අතර, එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් මිලේනියම් චැල...
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06 වැනිදා) පෙරවරුවේ ඇමැති මණ්ඩල රැස්වීම පැවති අතර, එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ ඇමැති මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ආන්දෝලනයකට ලක්ව තිබෙන ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ කැබිනට් අනුමැතිය ලබාදීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා දෙවැනි වරටත් ප‍්‍රතික්‍ෂේප කර ඇත.
එබැවින් මේ ගිවිසුම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව කැබිනට් මණ්ඩල ප‍්‍රකාශකයෙක් පැවසීය.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඉල්ලා මුදල් ඇමැතිවරයා මීට පෙර පැවති කැබිනට් රැස්වීමට ද යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එහිදී ද ජනාධිපතිවරයා කාලය ඉල්ලා සිටියේය.
ඒ අනුව ජනාධිපතිවරයා අදාළ ගිවිසුමට අනුමැතිය ලබාදීම වෙනුවට තවත් කාලයක් අවශ්‍ය බවට ප‍්‍රකාශ කර සිටි බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මෙම ගිවිසුම සඳහා ඊයේ (6) අනුමැතිය නොලැබුණහොත් එය අවලංගු කිරීමට සිදුවන බව එම ඇමෙරිකානු සමාගම ශ‍්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි අගමැති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවසීය.
– divaina

COMMENTS