දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෝදර මියගිය කොරෝනා ආසාධිත කතගේ ස්වාමිපුරුෂයා "චූන්පාන් වෙළෙන්දෙක්" : බෙහෙත් ගත් රෝහලක් ගැනත් තොරතුරු හෙළිවේ
Homeප්‍රවෘත්ති

මෝදර මියගිය කොරෝනා ආසාධිත කතගේ ස්වාමිපුරුෂයා "චූන්පාන් වෙළෙන්දෙක්" : බෙහෙත් ගත් රෝහලක් ගැනත් තොරතුරු හෙළිවේ

PropellerAds

කො රෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දින ජිවිතක්ෂයට පත්වූ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් ප්‍...

"මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා" - ඇල්ලේ ගුණවංස හිමි
කටුවාපිටියේ පාස්කු බෝම්බයෙන් තුවාල ලත් තවත් අයෙක් මිය යයි
john amaratunga
කොරෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දින ජිවිතක්ෂයට පත්වූ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු නොකර ඇති බව වාර්තා වනවා. එම කාන්තාව ඉකුත් අප්‍රේල් මස 26 වෙනිදා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ප්‍රතිකාර ලබා ගනු ලැබුවත් රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව මැයි මස 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙනවා. එහිදී ඇයගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසයට සමාන වීම නිසා වෛද්‍යවරුන් සිදුකළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව මෝදර, මෙත්සඳ මහල් නිවාසයේ ජිවත්ව සිටි ඇති අතර ඇයට එම වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නොමැති බවයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ෂෙහාන් අතුකෝරළ ප්‍රකාශ කර සිටියේ.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා එම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ස්ථාන කිහිපයක ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

එමෙන්ම මේ වන විට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙක්ද එම කාන්තාව රෝහල් කරා රැගෙන ගිය අසල පිහිටි මහල් නිවසක පුද්ගලයෙක් ඇතුළු සාමාජිකයින් 09 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා ප්‍රකාශ කර සිටියා.

" මේ කාන්තාව ප්‍රතිකාර ගත් පුද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනා හඳුනා ගෙන තිබෙනවා. ඒ පිරිස ඇතුළුව අද (06) ඉදලා මෙම කාන්තාව ජිවත්වු මෙත්සඳ මහල් නිවාස ආශ්‍රිතව අහඹු ලෙස පුද්ගලයින් ගෙන් PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම සිදුකරනවා. අද සිදුකළ PCR පරීක්ෂණ 15 වාර්තාවන් අද රාත්‍රියේදී ලැබීමට නියමිතයි. එම ප්‍රථිපල අනුව අපිට ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිවාස සංකීර්ණය ආශ්‍රිතව 5000 කට ආසන්න පිරිසක් ජිවත් වෙනවා. මේ වෙන විට එම ප්‍රදේශය හුදකෙලා ප්‍රදේශයක් බවට පත්කරලා තියෙන්නේ" මෝදර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝදර මියගිය කොරෝනා ආසාධිත කතගේ ස්වාමිපුරුෂයා "චූන්පාන් වෙළෙන්දෙක්" : බෙහෙත් ගත් රෝහලක් ගැනත් තොරතුරු හෙළිවේ
මෝදර මියගිය කොරෝනා ආසාධිත කතගේ ස්වාමිපුරුෂයා "චූන්පාන් වෙළෙන්දෙක්" : බෙහෙත් ගත් රෝහලක් ගැනත් තොරතුරු හෙළිවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMDvAtZJi75ZrUbyy8PgGLzES-1XtVEC0Vto6FVZFkC8Gb8AYKRO1okhfw8PIBTdjagf-BnwnTOJ7q4W0yOEgcRO0eh1fFZGn5astfmlVkX3y15EoQ5NCt9qdMqOQencX6vpBCz9zU3CA/s320/1730b2f69a2b329cf48734e56148f78618640604.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMDvAtZJi75ZrUbyy8PgGLzES-1XtVEC0Vto6FVZFkC8Gb8AYKRO1okhfw8PIBTdjagf-BnwnTOJ7q4W0yOEgcRO0eh1fFZGn5astfmlVkX3y15EoQ5NCt9qdMqOQencX6vpBCz9zU3CA/s72-c/1730b2f69a2b329cf48734e56148f78618640604.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy