COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභ...
COVID 19 වෛරසය සමඟ සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය (online Summit) සංවිධාන කර තිබිණි.
2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිධූරය හොබවන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියෙව් (IlamAliyev) මහතා සමුළුවේ මුලසුන හෙබවීය.
ජනාධිපතිවරු 19 දෙනෙක්, උප ජනාධිපතිවරයෙක්, අගමැතිවරු 06 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 08 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයෝ සමුළුව ඇමතූහ.
“COVID 19 ට එරෙහිව එක්සත්ව”(United Against COVID) යන්න සමුළුවේ තේමාව විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ (Tijjani Muhammad-Bande) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් (TedrosAdhanomGhebreyesus) යන මහත්වරු ද අන්තර්ජාල NAM සමුළුවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.9 ට 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීය.
COVID 19 වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
වසංගතය මර්දනයට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලි ගුණය පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර සිටියේය.
COVID 19 වසංගතය පාලනය කිරීමටත්, ක්‍රමයෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත්වී ඇත.
PCR පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3% කි. මරණ අනුපාතය 0.97% ක් වේ.
ආරක්ෂක හමුදා නිරෝධායන මධ්යනස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට රාජ්ය් බුද්ධි අංශ යෙදවීම, පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනා ගැනීමට යෙදවීම පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනස්සලයෙන් යුතුව සදහන් කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළයුතු බවත් ඊට ශ්‍රී ලංකාව ද එක්වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
COVID 19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමඟ බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් පැවසීය.
– adaderana

COMMENTS