දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්ධනාගාර රැඳවියන් රැකියා නියුක්තිකයන් කිරීමේ ඇවන්ගාඩ් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
Homeප්‍රවෘත්ති

බන්ධනාගාර රැඳවියන් රැකියා නියුක්තිකයන් කිරීමේ ඇවන්ගාඩ් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

PropellerAds

ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කරන ලද "බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්ත...

පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි? චීන තානාපති විමසයි (VIDEO)
කඳුරට ජනතා පෙරමුණ මහින්දට සහය දෙයි (PHOTOS) 
හිලරි ක්ලින්ටන්ට ජය පතා කන්නලව්වක් කරනවා - සිවාජිලිංගම්
ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කරන ලද "බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර සමාජගත කිරීමේ ව්‍යාපෘතියට පසුගිය 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබී තිබේ.

2020 ජනවාරි මස 9 වන දින ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

එවැනි ව්‍යාපෘතියක් ඇති කිරීමේ අරමුණ පැහැදිලි කරමින් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කර තිබුණේ රටේ අපරාධ මැඩලීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීම සඳහා එය යොදා ගත හැකි බවයි.

ඒ අනුව බන්ධනාගාර රැඳවියන්ට මනා වෘත්තීය පුහුණුවක් සහ විදේශ භාෂා ප්‍රවීණතාවක් ලබාදෙමින් දේශීයව සහ විදේශීයව පිළිගත් වෘත්තීය වේදියෙක් සමාජයට දායක කිරීම එම ව්‍යාපෘතියෙන් සිදුවන බවයි සේනාධිපති මහතා පැහැදිලි කළේ.  මෙමගින් රටේ අපරාධ රැල්ල අඩුකිරීම මෙන්ම තමන්ගේ හදිසි කෝපය මත වරදට පෙළැඹී ජීවිතයම අඳුරට හෙලා ගත් පුද්ගලයන්ගේ ජීවිත සහ ඔවුන්ගේ පවුල් වෙත ආලෝකයක් ගෙන ඒමටත් රටේ අභිවෘද්ධියට සහ සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් එම ව්‍යාපෘතියෙන් සිදු කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය  සහ ශ්‍රී  ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ සහයෝගය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මේ සඳහා ජනාධිපති,අගමැති ප්‍රමුඛ  සමස්ත කැබිනට් මණ්ඩලයටම ඇවන්ගාඩ් ආයතනයේ ගෞරවනීය ස්තුතිය පුද කර තිබේ.

මේ වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන ලද  අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී. එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන්ට ද  ඇවන් ගාඩ් ආයතනය සිය ස්තූතිය පළකරයි.

මෙම ව්‍යාපෘතියේ පෞරුෂ වර්ධනය හා අභිප්‍රේරණ වැඩපිළිවෙළ වෙනුවෙන් සම්බන්ධ වූ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් දේශන සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, හිටපු යුධ හමුදාපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ  ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර යන මහත්ම මහත්මීන් වෙතද  එම සමගම සිය ප්‍රණාමය එක් කර ඇත.

"කොවිඩ් 19 වසංගතය හමුවේ සමස්ත ලෝක ආර්ථිකයම දැඩි පසුබෑමකට ලක්ව ඇති මොහොතක මෙවැනි ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් වුවද, එම සියලු බාධක අභිබවමින් මාතෘ භූමියේ සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය  සාර්ථක කරගැනීම සඳහා අප ඇප කැප වී සිටිමු.

ලොව ධනවත් සහ බලවත් බොහෝ රාජ්‍යයන්  කොවිඩ් 19 ව්‍යසනය  හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති මොහොතක දී, අපගේ ගරු ජනාධිපති තුමන්ගේ විශිෂ්ට නායකත්වය යටතේ ත්‍රිවිධ  හමුදාව, පොලීසිය, සෞඛ්‍ය  අංශවල හා රටේ මහජනතාවගේ දායකත්වයෙන් කොවිඩ් වසංගතය මැඩලීම මගින් මේ වන විට ශ්‍රී  ලංකාවට ලෝකයේ රටවල ඉහළ පිළිගැනීමක් ලැබී තිබේ.

කොවිඩ් වසංගතය නිසා ජනතාව පීඩාවට පත්වූ පසුගිය දින 45ක කාලයක් තුළ බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් වැලිකඩ බන්ධනාගාර බේකරිය තුළ දිනකට පාන් ගෙඩි 5000ක් නිෂ්පාදනය කොට අසරණ ජනතාව වෙත නොමිලේ බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ඇවන්ගාඩ් ආයතනය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ලදී. අතිශයින් සාර්ථක වූ එම නියමු ව්යාපෘතිය " බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර සමාජගත කිරීමේ ප්‍රධාන  ව්‍යාපෘතිය  විධිමත්ව සහ සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය  පන්නරය අපට ලබා දෙන ලදී."

ඇවන්ගාඩ් ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති "බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර සමාජගත කිරීමේ ජාතික කර්තව්‍යයට ශ්‍රී  ලංකාවේ රාජ්‍ය,පෞද්ගලික දෙඅංශයේම සහ සියළු මහජනතාවගේ ආශිර්වාදය, දායකත්වය සහ කැපවීම   බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුළ  අපරාධ සහ මත් ද්‍රව්‍යවලින්  තොර දැහැමි සමාජයක් ගොඩනැගීමේ ඒකායන බලාපොරොත්තුවෙන් බව එම සමගම වැඩිදුරටත් පවසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාර රැඳවියන් රැකියා නියුක්තිකයන් කිරීමේ ඇවන්ගාඩ් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
බන්ධනාගාර රැඳවියන් රැකියා නියුක්තිකයන් කිරීමේ ඇවන්ගාඩ් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJT-P8yd71GTDWK4T6KtB64OZAk10rdyiWNqonoKrFoTslIQBMTegJCXVXhcZRATh_ap9mMg6gGA4_X0y5c_dVhuddK8ZRpObgBuWMiPmVmSo1l5t2Tv7TQv3zjWROc-yTByhu5QX1X8c/s320/hyj.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJT-P8yd71GTDWK4T6KtB64OZAk10rdyiWNqonoKrFoTslIQBMTegJCXVXhcZRATh_ap9mMg6gGA4_X0y5c_dVhuddK8ZRpObgBuWMiPmVmSo1l5t2Tv7TQv3zjWROc-yTByhu5QX1X8c/s72-c/hyj.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_188.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_188.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy