දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ඇමැති ජෝන් ලක්ෂ 4ක් පගාව අරන් !
Homeප්‍රවෘත්ති

හිටපු ඇමැති ජෝන් ලක්ෂ 4ක් පගාව අරන් !

PropellerAds

2019 වසරේදී කැනඩාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට යෑමට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සේවකයන්ට ලැබුණු අවස්ථාවක් ප්‍රය...

ඇප මත සිටින යෝෂිත යලි අමාරුවේ.. සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී..
88-89 ජවිපෙ ඝාතන දහස් ගණනක ලයිස්තුවක් රෝහිණී සභාගත කරයි
ශිරන්ති රාජපක්‍ෂට CID පරීක්‍ෂණ... ඉඹුල්ගොඩ පන්සල් ඉඩම ඇගේ නමින්!
2019 වසරේදී කැනඩාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට යෑමට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සේවකයන්ට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර ලක්ෂ 20 බැගින් පුද්ගලයන් 4 දෙනකුගෙන් ලක්ෂ 80ක මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව හිටපු සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ලක්ෂ 4ක මුදලක් ලබාදී ඇති බවට ඊයේ (13දා) කොළඹ කොටුව අධිකරණය හමුවේ අනාවරණය විය.

සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ එසේ අනාවරණය වූයේ අදාළ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

හිටපු අමාත්‍යවරයාගේ ‘සරත්’ නමැති පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් වංචා විමර්ශන කාර්යාංශය ලබාගත් ප්‍රකාශයක් අනුව මේ කරුණු අනාවරණය වී ඇති අතර, ආරක්ෂක නිලධාරියා වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ, සිද්ධියේ 1 වැනි සැකකාරිය වන ධනංජනී ජයශාන්ති නමැති අය ලබාදුන් ලක්ෂ 4ක මුදලක් ජෝන් අමරතුංග මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදී ඔහුගේ අතටම භාරදී ඇති බවය.

ලිපිකාරිනිය කුමන හේතුවක් මත අමාත්‍යවරයාට මුදල් ලබාදුන්නේ දැයි තමා නොදන්නා බවටද ඔහු වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවල නිරත වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඉවත් කොට ඒ සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් පත්කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ලබාදුන් නියෝගයට අනුව අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය භාරගත් බවටද කොළඹ අපරාධ කොට්ඨාසය එදින (13දා) දැනුම් දෙනු ලැබිණි.

වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අදාළ විමර්ශනයෙන් ඉවත් කොට ඒ සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් පත්කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත්වරයා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ අතර අදාළ නියෝගයට අනුව සිද්ධියට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) භාර දෙනු ලැබීය.

සිද්ධියට අදාළ විමර්ශන නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් වන හිටපු සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි ලාල් රත්නායක, තවත් අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු වූ ‘රහීම් බායි’ නමැති අය සහ එම සිද්ධියට සම්බන්ධ වී ඇති ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීම මත මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කෙරිණි.

සිද්ධියට අදාළව හිටපු සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ඉහත සඳහන් කළ පරිදි රුපියල් ලක්ෂ 4ක මුදල ලබාදී ඇති බවටද අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.

වංචා විමර්ශන කාර්යාංශය මඟින් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ‘සරත්’ නමැති අදාළ නිලධාරියා වංචා විමර්ශන කාර්යාංශයට ප්‍රකාශ කර ඇත්තේ ධනංජනී ජයශාන්ති නමැති 1 වැනි සැකකාරිය දුන් ලක්ෂ 4ක මුදලක් ජෝන් අමරතුංග මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදී ඔහුගේ අතටම භාරදී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනියක් ලෙස සේවයේ යෙදී සිටි ධනංජනී ජයශාන්ති සහ කොට්ටච්චි ආරච්චිලාගේ දෝන සුජීවා නන්දනී නමැත්තියයි.

ඊයේ (13දා) දින නඩුව කැඳවූ අවස්ථාවේ කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේ, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාන්තාවන් දෙදෙනාට සිද්ධියට අදාළව ඇත්තේ සුළු සම්බන්ධයක් බවත් සිද්ධියට ප්‍රධාන ලෙස සම්බන්ධ වී ඇති තෝරු මෝරු එළියේ සිටින බවත්ය. ඒ සම්බන්ධව සාධාරණත්වයක් තිබිය යුතු බවටද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දීපා ලාලනී සන්නසූරිය යන අය විසින් 2019-7-11 දින කරන ලද පැමිණිල්ලකට අනුව වංචා විමර්ශන කාර්යාංශය මඟින් සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කොට ඇත.

සැකකාරියන් දෙදෙනා වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ රුවන් උඩවෙල, නීතිඥ ගීත් ජයසිංහ, නීතිඥ මහේන්ද්‍ර ඩයස්, නීතිඥ කිෂාන් පෙරේරා යන මහත්වරුන් පෙනී සිටි අතර මෙම නඩුව මේ මස 27 වැනිදා යළි කැඳවීමට නියමිතය.

මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ඇමැති ජෝන් ලක්ෂ 4ක් පගාව අරන් !
හිටපු ඇමැති ජෝන් ලක්ෂ 4ක් පගාව අරන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_eiEMO7GBYTcEW3MUGM7eE9w2VE6q0qKr4I5VA-6UMk-KccG7je2dtQhwIfpzbZs_HVBD2oQlHf_z5kkoAZCONX_WlRJMpVvZDQIjfqHd5wzdC1G0QzZAYTAmS9TvNyBS5-mj1ztHfJw/s320/john-amaratunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_eiEMO7GBYTcEW3MUGM7eE9w2VE6q0qKr4I5VA-6UMk-KccG7je2dtQhwIfpzbZs_HVBD2oQlHf_z5kkoAZCONX_WlRJMpVvZDQIjfqHd5wzdC1G0QzZAYTAmS9TvNyBS5-mj1ztHfJw/s72-c/john-amaratunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/4_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/4_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy