කො රෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් කළ යෝජනාව රජය විසින් පිළිගැනීම සති තුනකින් ප...
කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් කළ යෝජනාව රජය විසින් පිළිගැනීම සති තුනකින් ප්‍රමාද වූයේ එක්තරා මහාචාර්යවරුන් දෙදෙනෙකු රජයට ලබාදුන් වැරදි තොරතුරක් නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති සජීවී රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"අපි කිව්වා මෙය හැඟවෙන රෝගයක්, පරීක්ෂණවලටත් අමාරුයි, පැතිරීමත් වැඩියි, එහෙනම් කරන්න තියෙන වැඩේ මොකද්ද ? අපි හැකි වේගයෙන් පරීක්ෂණ කරමු කියලා මාර්තු 30 වෙනිදා කිව්වා. 'සමහර විද්වත්තු' පිරිසක් ගිහින් කිව්වා මේ රෝග ලක්ෂණ නැති අයගෙන් රෝගය පැතිරෙන්නෙ නෑ කියලා ! වෛරස් පිළිබඳ ඉගෙන ගත්තු විශේෂඥයෙක් නෙවෙයි. ඒක නිසා අපි පැත්තකට වෙලා කිව්වා ඇත්තටම ඒ දන්න අයට කියන්නය කියලා. එක්තරා මහාචාර්යවරු දෙපළක් මේකෙදි කිව්වා චීන මහාචාර්යවරු කිව්වා කියලා ඒ අයගෙන රෝගය පැතිරීම අවමයි, සිද්ධ වෙන්නෙ නෑ කියලා. දැන් ඒක තමා මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නෙ. ඒකනිසා අපි විශේෂයෙන්ම වසංගත රෝග ඒකකය සහ මේ සඳහා ක්‍රියාකරන පිරිස් මේ වැරදි තොරතුර බරපතළ විදියට බලපෑවා. ඒක අපි පැහැදිලිවම ලියලා ඇරියා ජනාධිපතිතුමාට. ඒක අපි අවදානම කිව්වා 30 වෙනිදා වෙද්දිම. එතන ඉඳලා ඒක පිළිගන්න අප්‍රේල් 19 වෙනිදා වෙනකල් දවස් 21ක කාලයක් ගතවුණා"

COMMENTS