හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වෙලේසුදාගෙන් සහ කුඩු ලාලිතගෙන් මුදල් ලබාගත් බව මුලින...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වෙලේසුදාගෙන් සහ කුඩු ලාලිතගෙන් මුදල් ලබාගත් බව මුලින්ම කීවේ තමන් නොව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් බව රංජන් රාමනායක මහතා වීඩියෝ දර්ශන ද සහිතව පෙන්වයි.
"මට බිලියනයක් නඩු දාලා තියෙනවා. මං කියන්නම් ඒක අජිත් රෝහණ මහත්තයාගෙ වොයිස් එකෙන්ම. මල්ලි මේ කුඩු චෝදනා තියෙන අය. ඇත්ත කතාව ඒකයි. ( මීටපෙර මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා විසින් කළ ප්‍රකාශයක දර්ශන පෙන්වයි )
//වෙලේසුදා එහෙම නැත්නම් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අරමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා නමැති අයට යම් මුදල් ලබාදී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒවගේම දුමින්ද සිල්වා නමැති අය පසුගිය දිනෙක අතුරුගිරිය ප්‍රදේශයේදී මියගිය ලාලිත කෞෂල්‍ය හෙවත් කුඩු ලාලිත නමැත්තාගෙනුත් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වෙලා තිබෙනවා//
දැන් මට රුපියල් බිලියනක් වන්දි ඉල්ලලා රෙනෝ ද සිල්වා මහත්තයා - හිරු නාලිකාවේ අධිපති නඩුවක් දාලා තියෙනවා. දැන් අජිත් රෝහණ මහත්තයාට දාන්නෙ නැද්ද ? එතුමා කියන්නෙ රොමෙලෝ දුමින්ද සිල්වා කුඩු ලාලිතගෙන් සහ වෙලේසුදාගෙන් සල්ලි ගත්තා කියලා. අන්තිමේදී මේ නඩුවෙදි අනිල් ද සිල්වා නීතිඥ මහත්තයා උසාවියෙදි ගිහින් පිළිගත්තානෙ ඒක. පිළිඅරන් මොනවද කිව්වෙ ? දුමින්ද සිල්වා මහත්තයා කුඩු වෙලේසුදාගෙන් ලක්ෂ 25ක් ගත්තලු මල්ලි ණයට. පොළියට ! ලංකාවෙ මෙච්චර බැංකු තියෙද්දි වෙලේසුදාගෙන් පොළියට අරගෙන මල්ලි !! මල්ලි මේවා කාටද මල්ලි කියන්නෙ මේ ?
මං කියන්නෙ මෙවැනි අය කියන දේවල් විශ්වාස කරනවාද ? දැන්වත් හැදෙන්න කියලා මං මේ නාලිකාවලට කියන්නෙ. මේ අජිත් රෝහණ මහත්තයා කියන්නෙ සල්ලි ගත්තා කියලා. මේක ලංකාව පුරා දන්න පුරාවෘතයක් වගේ. ඇයි අර පහුගිය ටිකේ බොරැල්ලෙ සුනිල්ව උස්සපු වෙලේ සුදුවෑන්වලින් දුමින්ද සිල්වා එනකොට මුළු බොරැල්ලෙම ජනතාව කෑගැහුවා කුඩ්ඩා කුඩ්ඩා කියලා. ඒකත් ඉන්ටනෙට් එකේ තියෙනවා. ඉතිං මමද කිව්වෙ මේක ?
මට බිලියනයක් ඉල්ලලා නඩුදාලා. මට නම් බිලියනයක් නෑ, මං පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසෙ ඉන්නෙත්. මට නිහඬව ඉන්න බෑ, මාව මරනකල් මම ඇත්ත කතා කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තක් සඳහා ඊයේ (28) අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

COMMENTS