දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 වනදා සිට
Homeප්‍රවෘත්ති

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 වනදා සිට

PropellerAds

වසර  2,300  කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන...

පැය 48කින් සපුගස්කන්ද බලාගාරය නවතියි; පස්සේ රටම කළුවරේ!
"පොලීසිය භාර ඇමති කියන කතාවල් කොන්ඩේ බැඳපු චීන්නුට ගිහින් කියන්න කියන්න" – කාදිනල්හිමිගෙන් සැර උත්තරයක් (VIDEO)
නායකයන්-ප්‍රභූන්-කලාකරුවන් ඉදිරිපිට ශිරාණි බණ්ඩාරනායක කලඑළි බසී! (VIDEO)
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 වනදා සිට

වසර 2,300 කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය එළඹෙන 5 වනදා මාතලේ අලුවිහාරයේ දී සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ 2,000 ක මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මේ සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුවිදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතයි.

වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම තවදුරටත් සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම සහ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කළද ලෝක උරුමයක් වශයෙන් පවත්වාගෙන යාමේ අරමුණින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන අතර මහා සංඝරත්නයේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි මෙය ක්‍රියාවට නංවයි.

තෙවැනි ධර්ම සංඝායනාවේ දී සූත්‍ර පිටකයවිනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වූ අතර මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ පෝෂණය වී තිබේ. ශ්‍රී ලාංකික මහ රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඨ කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසේ වළගම්බා රජ සමයේ මාතලේ අලුවිහාරයේ දීය.

ඒ අනුව ත්‍රිපිටකය ක්‍රිස්තු වර්ෂ 1956 වර්ෂයේ එළැඹි 2500 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංරක්ෂණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කරන ලද අතර බලංගොඩ ආනන්ද මෛත්‍රි මහානායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ලබුගම ලංකානන්ද අනුනායක හිමියන්ගේ ප්‍රධෘන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ස්වාමීන්වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කර ඇත.

ලොව පවතින ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර එය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරනු ලබයි. ඊට අමතරව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු සිදුවන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේය.

ථෙරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනාවල දී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී තිබෙන අතර පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදුකර ඇත. ඒ අනුව විනය පිටකයසූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) සහ අභිධම්ම පිටකය (අභිධර්ම) ලෙස මෙය වෙන්කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 වනදා සිට
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 වනදා සිට
http://am.lk/media/k2/items/cache/0832e93167f0aa93395fe2194d1def34_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy