උ දාවන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිංහල සහ දෙමළ අලූත් අවුරුද...
උදාවන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සතුට, සාමුහිකත්වය සහ සබඳතා ඇති කර ගන්නා හා තර කර ගන්නා අවස්ථාවක් ලෙස සැලකුණද මෙවර පෙර නොඇසූ තරම් ආපදාවකට මුහුණ දී සිටියදී සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට ශ‍්‍රි ලාංකිකයන්ට සිදු වී ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදාවේදීත් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලූ දෙනාගෙන් ඉල්ලීමක්ද කරනවා.
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද යනු ස්වභාවදහම සමග බැදී ඇති මිනිසා ස්වභාවදහම වන්දනා කරන අවස්ථාවක් බවද සිහිපත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ස්වභාවදහම සමග බැදී ජීවත්වීමේ වැදගත්කම මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදාවේදි වඩාත් දැනෙනු ඇති බවයි.
----------------
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතාද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජාතීන් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කර ගැනීමට මෙය ඉතා හොද අවස්ථාවක් බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
සෞඛ්‍ය වාරණ හා නිර්දේශ පනවනු ලැබ තිබුණද අර්ථය නොනසා සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද හා බැදුණු චාරිත‍්‍ර ඉටු කල හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඒ අනුව චාම් හා සරල අයුරින් උපේක්ෂා සහගතව නිවසේ සාමාජිකයන් සමග පමණක් එක්ව මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමරණ ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිින්නේ.

COMMENTS