පුත්තලම දිස්ත්‍රික්කයෙන් පළමු වරට වාර්තා වු කොවිඩ් - 19 වෛරස ආසාදිතයා සුවය ලබා යළි නිවසට පැමිණ තිබේ. තවත් දින 14ක් නිවසේ රැදී සිටින ලෙසට ඔ...
තවත් දින 14ක් නිවසේ රැදී සිටින ලෙසට ඔහුට දුන් උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු දැඩි ලෙස අවවාද කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුගේ නිවසට යන විට ඔහු ඥාති නිවෙසකට ගොස් සිටියේය.
ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 08 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 198 ක් ලෙස වාර්තා වෙයි.
මේ වන විට රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 165ක්.
එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
COMMENTS