දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව රැස් නොකලොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් නෑ !
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව රැස් නොකලොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් නෑ !

PropellerAds

මෙ ම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් ප...

අගමැති පැමිණි හෙලිකොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී මැණික් ගඟේ දියනාමින් සිටි දෙදෙනෙකුට තුවාල
දකුණ-මධ්‍යම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වෙයි !
කතානායක ධුරයෙන් අස්වෙයි.. ජනාධිපතිවරණයට සූදානම් !
මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

2020 අපේ‍්‍රල් 30 වන දිනෙන් පසු රාජ්‍ය සේවයට වැටුප් ගෙවීම ඇතුළුව අත්‍යවශ්‍ය වියදම් නීත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකූලව අනුමත කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. එමගින් ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරන රටක් බවට හඳුන්වනු ලැබේ.

ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට  ප්‍රතිඥා දී ඇති බව මංගල සමාරවීර මහතා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය වෙත සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හට පිටපත් සහිත ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ

28.04.2020
අතිගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති කාර්යාලය

කොළඹ 01.

හිතවත් ජනාධිපතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් කරන ඉල්ලීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් 2020.04.30 දින දක්වා දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් මා ඔබට මෙම ලිපිය ලියමි.

02.ජනපතිවරණයක් පැවත්වෙන වසරවල දී ජයග්‍රහණය කරන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව අය-වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථා සලසමින් අය-වැයක් සම්මත කිරීමෙන් බලයේ සිටි රජයන් වැළකී සිට ඇත.

03.2019.11.16 වන දින ජනාධිපති මැතිවරණය පැවැත්වීමට යොදා තිබු බැවින් 2020 සඳහා විසර්ජන පනතක් සම්මත කර ගැනීම සුදුසු නොවන බව එවකට පැවති රජයේ අදහස විය.. ඒ අනුව එවකට පැවති රජය, 2020 ජනවාරි 01වන දින සිට 2020 අප්‍රේල් 30 දක්වා මාස 4 කට බල පැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් (Vote on Account) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කර ගන්නා ලදී.

04. ඔබ රජය 2019 නොවැම්බර් මස බලයට පත්වී මාස තුනකට වැඩි කාලයක් ගතවූවද ඔබගේ මුදල් අමාත්‍යවරයා 2020 වසර සඳහා අය-වැයක් ඉදිරිපත් නොකළේය.2014 වසරේ ද ජනපතිවරණයක් අභියස වූ හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් 2015 වසර සඳහා අය-වැය ඉදිරිපත් නොකරන ලදී. ඒ අනුව ජනවාරි 08, 2015 ජනපතිවරණය ජයග්‍රහණය කළ යහපාලන රජය මැතිවරණයෙන් දින 21 ක් වැනි කෙටි කාලයක් තුළ 2015 මුදල් වර්ෂය සඳහා අය-වැයක් ඉදිරිපත් කළ බව ඔබට සිහිපත් කිරීමට කැමත්තෙමි.

05. 2020 වසර සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීම වෙනුවට 2020 මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මත්තෙන් යහපාලන රජය විසින් සම්මත කර තිබූ අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.එවන් සංශෝධනයක් සඳහා ස්ථාවර නියෝග අනුව ප්‍රතිපාදන නොමැතිබව විපක්ෂය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජය විසින්ම එය ඉල්ලා අස්කරගන්නා ලදී.රටට හෙළිනොකළ හේතුන් මත අය-වැය ඉදිරිපත් නොකිරීමෙන් හා දැන් හදිස්සියේ මතුව ඇති කොරෝන හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් රට තුළ වසංගත, ව්‍යවස්ථාදායක හා ආර්ථික අර්බුදයක් උද්ගතව ඇත.

06. කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමෙන් මතුවූ බරපතල අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලමින් 2020 අප්රේල් 25 වන දිනට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය, 2020 ජුනි මස 20 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 අප්රේල් 20 වන දින ප්‍රරකාශයට පත් කරන ලදී. එහෙත් 2020 ජුනි මස 20 පැවැත්වීමට යෝජිත මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් මේ දක්වා නිල වශයෙන් ප්‍රරකාශයට පත් කර නොමැත.

07. 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් පරිදි 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය වියදම් දැරීම පිළිබඳව ජනපති ප්‍රමූඛ රජයට නීත්‍යනුකූල අවකාශයක් නොමැති බව අවධාරණය කරමි. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ප්‍රකාරව  එකී අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපාදන වෙන් කිරීමට බලය දිය නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ ලේකම්  ද මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රාජ්‍ය මුදල් කිසිදූ කටයුත්තකට වියදම් කිරීම නීති විරෝධී වනු ඇත.

08.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 150 ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය ප්‍රරකාර පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක හා විසර්ජන කෙටුම්පතක් සම්මත නොවූ සන්ධර්භයක් තුළ රජයේ වියදම් දැරීම සඳහා අවකාශයක් ඇත. එයට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය පහත දැක්වේ.

150(3)- “කිසියම් වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නිතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.”

යථෝක්ත ව්‍යවස්ථාවෙහි සදහන් ප්‍රතිපාදන ප්‍රකාර ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිතුමාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3ක් ඉකුත් නොවන තෙක් පමණි.

09. ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමෙන්තු මැති ඇමතිවරු මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ජනරජයේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකර ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත. එය කඩ කරන ඔනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට එම විධිවිධාන කඩකරමින් ක්‍රියා කරන කවර වූව ද තැනැත්තෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට :-

(ආ) අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීමට යටත් වන අතර

(ආ) පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යයයි අධිකරණ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර, ඔහුගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක වන්නේය

10.එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙනපාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහායලබා ගෙන 2020.04.30 න් පසුව රාජ්‍ය සේවාවට වැටුෆ් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට  වහා පාර්ලිමේන්තුව යළි රැස් කරන මෙන්  විධායකෙයේ ප්‍රධානිය වශයෙන් හිතවත් ජනාධිපති තුමන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට
විශ්වාසී
මංගල සමරවීර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව රැස් නොකලොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් නෑ !
පාර්ලිමේන්තුව රැස් නොකලොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT-tweFIVktNLZVpRpQswCbq4BUHR_FGDkPtkusUMANpqnFsPAUQXuQ_uY5ebMVSiyImBEj9cmO-RZB87NJi0zK1zijWOjgCKTxnVOI5DXNDR643ZRqE3DpQGvXpzrRZQ6ev8gLuc6r6s/s320/goverm.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT-tweFIVktNLZVpRpQswCbq4BUHR_FGDkPtkusUMANpqnFsPAUQXuQ_uY5ebMVSiyImBEj9cmO-RZB87NJi0zK1zijWOjgCKTxnVOI5DXNDR643ZRqE3DpQGvXpzrRZQ6ev8gLuc6r6s/s72-c/goverm.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_991.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_991.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy