ර ටේ සියලු ජනතාව වසංගත තත්ත්වය හමුවේ සංවේදී වී ඇති මොහොතක මහ මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව...
රටේ සියලු ජනතාව වසංගත තත්ත්වය හමුවේ සංවේදී වී ඇති මොහොතක මහ මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් ම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
කොරෝනා වසංගතයට මුවාවෙමින් රජය සිදුකරන නීතිය අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳව සඳහන් කරමින්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවක එබව සඳහන් වේ.
මාධ්‍ය මර්දනයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කිරීමකට රජය සූදානම් වන බව පවසන රුවන් විජේවර්ධන, ''විපක්ෂය විසින් රජයට පූර්ණ සහය ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා මිසක කොරෝනා වලට මුවා වෙමින් රටේ නීතිය හෝ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීම සදහා නොවේ'' යයි අවධාරණය කර සිටියි.
මේ මොහොතේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නැති බවත්, මැතිවරණ කොමිසම විසින් අදාළ තීරණය ගත යුතු බවත් පවසමින් පසුගියදා ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලද ලිපියට අදාළව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ස්ථාවරය මාධ්‍යයට දැනුම් දීම සඳහා මෙම විශේෂ ප්‍රකාශය සිදුකරන බව ඔහු කියා සිටියි.
වීඩියෝව

COMMENTS