පො ලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ලබන 20 වනදා දක්වා ඊයේ රක්...
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ලබන 20 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
රංජන් රාමනයක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ භෞතචිකිත්සකවරයා යැයි පැවසූ පුද්ගලයෙකු පිළියන්දල සිට හිටපු මන්තී‍්‍රවරයාගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණිමට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුව පරීක්ෂා කර තිබුණා.
එහිදි හෙළි වුණේ අදාළ පුද්ගලයා ඇදිරී නිිති කොන්දේසි උල්ලංඝණය කරමින් මාදිවෙල මන්තී‍්‍ර නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇති බවයි. ඒ පිළිබඳ පොලිස් නිලධාරීන් ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනයක පැමිණ පොලිස් නිලධාරීන්ට බාධා කර තිබෙනවා.
රංජන් රාමනයක හිටපු මන්තී‍්‍රවරයාගේ භෞතචිකිත්සකවරයා යැයි පැවසෙන පුද්ගලයාට ඇඳිරි නීති බලපත‍්‍රයක් තිබී ඇති නමුත් එය පෙරේදා දිනයේදී කල්ඉකුත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක සහ අදාළ පුද්ගලයාද ඊයේ රාති‍්‍රයේ අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය කටයුතු කළා.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක හමුවීමට පැමිණි අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේ.
මේ අතර අද පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන්, බන්ධනාගාර තුළට නොගෙන මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එම රැඳවියන් එහිදී නිරෝධායනයට යොමු කෙරෙන අතර අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ද එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක හමුවීමට භෞතචිකිත්සකවරයෙකු යැයි පවසමින් පැමිණි අදාළ පුද්ගලයා භෞතචිකිත්සකවරයෙකු නොවන බව රජයේ භෞතචිකිත්සක නිලධාරීවරුන්ගේ සංගමය පවසනවා. අදාළ පුද්ගලයාට භෞතචිකිත්සකවරයෙකු ලෙස කටයුතු කිරීමට කිසිඳු සුදුසුකමක් නොමැති බවයි එම සංගමයේ සභාපති ධම්මික පද්මසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ.

COMMENTS