ත මන් මරණ දඬුවමට පුද්ගලිකව විරුද්ධ බව හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. අලුගෝසුවෙකුට රස්සාවක් දීමට ජනාධි...
තමන් මරණ දඬුවමට පුද්ගලිකව විරුද්ධ බව හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අලුගෝසුවෙකුට රස්සාවක් දීමට ජනාධිපතිවරයෙකු උවමනා නැති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මෙය වේලාව නොවන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
තමන්ද ජනාධිපති ධුරය දරද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැමිණියත් තමන් ඒ කිසිවකට අත්සන් නොකළ බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
මිනිසුන් එල්ලුම් ගස් යවා කිසිවකුට ජනාධිපති විය නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයාටද එවන් අදහසක් ඇතැයි තමන් නොසිතන බවත් ඒ මහතා සඳහන් කළේය.
මාතර කඹුරුපිටියේ පැවති උත්සව සභාවක් අවසානයේ දී මාධ්‍ය වෙත මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS