සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදට (13) යෙදී තිබෙනවා. කෙසේ වෙතත් කොඩිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිං...
කෙසේ වෙතත් කොඩිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙසය රජය සහ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
මෙවර අලුත් අවුරුද්දේ බොහෝ නැකැත් චාරිත්‍ර දවසේ රාත්‍රී කාලයේ යෙදී තිබීම විශේෂත්වයක්.
ඒ අනුව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පුණ්‍ය කාලය යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 13 වන සඳුදා එනම් අද අපර භාග 01.59 සිට එදින රාත්‍රී 2.47 එනම් 14 වැනි අඟහරුවාදා හෙට අළුයම දක්වායි.
එබැවින් අද (13) අපරභාග 01.59 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.
නැකැත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මස 13 වන සඳුදා එනම් අද අපරභාග 08.23ටයි.
ආහාර පිසීමේ චාරිත්‍රය යෙදී ඇති අද (13) අපරභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සදහා වන නැකත අද (13) අපරභාග 10.43 යෙදී තිබෙනවා.
ඒ අනුව නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ එකී නැකතට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභව කිරීම මැනවි යනුවෙන්.
හිසතෙල්ගෑමේ නැකැත අප්‍රේල් මස 17 වැනි බදාදා පූර්වභාග 09.17 ට යෙදී ඇති අතර පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.
අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 17 වැනි සිකුරාදාට යෙදී තිබෙනවා.
එදින ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර පූර්වභාග 07.56 ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.
මීට අමතරව අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්වභාග 11.38ට තඹ වර්ණය හෙවත් රතු, කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීමේ චාරිත්‍රය ඉටුකිරීම මැනවි යනුවෙන් ද නැකැත් සීට්ටුවේ සඳහන්.
අලුත් අවුරුද්දේ රටම එකම නැකතකට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සුවිශේෂි කරුණක්.

COMMENTS