පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි...
පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත් ඒ සියලු දෙනාගේම සංවිධායකකම්, පක්ෂයේ නිලතල ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ කිසිදු පැකිලීමකින් තොරව මේ මොහෝතේ සිටම ක්‍රියාත්මක කරන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
සමගිය සහ පක්ෂයේ අනාගතය වෙනුවෙන් සිතා එක්සත් ජාතික පක්ෂය නිහඬව කටයුතු කරන බවත් එය දුර්වලකමක් ලෙස තේරුම් අරගෙන යම්කිසි පිරිසක් ක්‍රියාකලොත් එය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ක්‍රියා කරන බවද අබේවර්දන මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයෙන් පසුව රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ ඇතැම් පිරිස් වැරදි ලෙස අරථකතනය කරමින් සිටින බවත් ඉදිරි මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂ මහලේකම්වරයා විසින් එම තීන්දු තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS