දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස දළදා මාලිගාව නම් කිරීම අද.

ලෝකයේ ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස ශ්‍රී දළදා මාලිගාව නම් කිරීමේ ජාතික වැඩසටහන අද (14දා)  මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී ආරම්භ කෙරේ...


ලෝකයේ ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස ශ්‍රී දළදා මාලිගාව නම් කිරීමේ ජාතික වැඩසටහන අද (14දා)  මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී ආරම්භ කෙරේ.

 මෙම වැඩසටහනේ නිර්මාතෘ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම වැඩසටහන මගින් සමස්ත මාලිගා පරිශ්‍රය පොලිතීන්, ප්ලාස්ටික් ශූන්‍ය ප්‍ර‘දේශයක් බවට පත් කෙරේ. 

එමෙන්ම මාලිගාවට ගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවෙන් ඇතුළු වීමේදී ප්‍රතිචක්‍රිකරණය කළ හැකි මල් වට්ටියක් නිකුත් කිරීමේ කටයුත්තද ආරම්භ කෙරේ. 

මාලිගා පරිශ්‍ර‘යේ භාවිත වන කසළ බඳුන් සියල්ලම දේශීය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද ඒවා වන අතර, මාලිගා පරිශ්‍රයෙන් දෛනිකව බැහැර කරනු ලබන මල් සහ ආහාර ඉවත් කිරීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් විශේෂ කසළ ඉවත් කිරීමේ රථයක් ලබාදීමද මෙහිදී සිදු කෙරේ. 

මෙම හරිත පුණ්‍ය භූමි වැඩසටහන දිවයිනේ සමස්ත ආගමික ස්ථාන සියල්ල ආවරණය වන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ විශේෂ අවධානය යොමු කොට ඇත.

විශේෂයෙන් මේ දිනවල පවතින කසළ අර්බුදය හේතුවෙන් ආගමික ස්ථානවල පාරිසරික ගැටලු ඇති වීමෙන් බැතිමතුන්ට සිදුවන අපහසුතා අවම කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ. 

දළදා පෙරහර වැනි විශේෂ ආගමික උත්සව සඳහා විශේෂ කසළ බැහැර කිරීමේ වැඩසටහනක් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස දළදා මාලිගාව නම් කිරීම අද.
ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස දළදා මාලිගාව නම් කිරීම අද.
http://ift.tt/2sWA8bE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_525.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_525.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy