දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දේශපාලනය කැළඹේ - රට යන අත කොහෙද?

(ජනිත සෙනෙවිරත්න) එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතර අත්සන් තබා ඇති හවුල් ආණ්‌ඩු ගිවිසුම් කාලය අවසන් වූ පසු ඇමැතිවරුන්...


(ජනිත සෙනෙවිරත්න)

එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතර අත්සන් තබා ඇති හවුල් ආණ්‌ඩු ගිවිසුම් කාලය අවසන් වූ පසු ඇමැතිවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවෙන් ඉවත්වන බවට පැතිර යන ආරංචි නිසා දේශපාලන ක්‌ෂේත්‍රය තුළ යම් කැලඹිලි ස්‌වභාවයක්‌ හටගෙන තිබේ. මේ පිරිස ඉවත්වීම තුළ පාර්ලිමේන්තුවේ බලතුලනය සම්බන්ධයෙන් යම් යම් වෙනස්‌වීම් හටගැනීමට ඉඩ තිබීම ඊට හේතුවයි.

අදාළ ගිවිසුමේ කාලය අවසන් වූ වහාම තමන් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් හා ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වන බව තැපැල් හා මුස්‌ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විඡේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් තමන් දැනටමත් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ද පවසන ඔහු තමන් සමඟ තවත් මැති ඇමැතිවරුන් 17 දෙනකු සිටින බව ද සඳහන් කර ඇත. යහපාලන ආණ්‌ඩුව සමඟ එක්‌ව කටයුතු කළ කාලය තුළදී තම ජනතාව වෙනුවෙන් කිසිවක්‌ කළ නොහැකි වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ. මෙසේ ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීම නිසා නව ව්‍යවස්‌ථාව ගෙන ඒම ආණ්‌ඩුවට පහසු කටයුත්තක්‌ නොවනු ඇත.

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් භික්‌ෂුන් වහන්සේලාගේ විරෝධය තවමත් දිගින් දිගටම මතුවෙන් පවතී. ඒකීය රටක්‌ ලෙස පවතිමින් බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීමත්, ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබානොදීමත් මහා සංඝරත්නයේ ඉල්ලීම් අතර වෙයි.

යහපාලන රජය බලයට පත්වීමෙන් දින කිහිපයකට පසුව ස්‌ථාපනය කරනු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමා ඇත. දූෂණ සම්බන්ධයෙන් තමන් වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කොට වාර්තා සකස්‌ කොට පොලිස්‌ මූqල්‍ය අපරාධ කොට්‌ඨාසය සහ වෙනත් ආයතන වෙත යොමු කිරීම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය හරහා සිදුවිය. එහෙත් මේ ආයතන දේශපාලන තීරණ මත ක්‍රියාත්මක වන බවට මුල සිටම චෝදනා එල්ලවිය. යහපාලන ආණ්‌ඩුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සිටින ඇමැතිවරුන් සම්බන්ධයෙන් පවා මේ ආයතනය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ආණ්‌ඩුව ඇතුළෙන්ම දැඩි විවේචන තිබිණි.

මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණ චෝදනා කළේ යහපාලන රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ලවීමත් සමඟම දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසාදැමීමට රජය කටයුතු කළ බවය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්‌ථාපනය කිරීමෙන් පසුව එයට පැමිණිලි 800 ක්‌ පමණ ලැබී තිබුණි. එයින් පැමිණිලි 250 ක්‌ විමර්ශන අවසන් කොට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත යොමු කරනු ලැබ තිබිණි. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා පත්‍ර ගොනුකොට ඇති නඩු 42 ම දූෂණ මර්දන කමිටුවේ විශේෂඥ උපදෙස්‌ ලැබූ වංචා විමර්ශන වේ.

මහින්ද රාජපක්‌ෂ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 700 කට වැඩි ප්‍රමාණයක්‌ ද යහපාලන රජයේ අමාත්‍යවරුන්, ලේකම්වරුන් පිළිබඳ පැමිණිලි 29 ක්‌ ද වෙනත් පැමිණිලි 70 ක්‌ පිළිබඳ ලේකම් කාර්යාලය කටයුතු කොට තිබූ බව සඳහන්ය.

පසුගිය ගංවතුර ආපදා තත්ත්වය අවස්‌ථාවේ ආණ්‌ඩුව පැවසුවේ මේ වසර සඳහා මැති ඇමැතිවරුන්ට වාහන මිලදී නොගන්නා බවය. එහෙත් පසුගියදා ඒ පොරොන්දු කඩමින් ඇමැතිවරුන්ට වාහන ගැනීමට හා ඇමැතිවරුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි 14 ඉක්‌ම වූ තවත් පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. රටේම ජනතාව බරපතළ ප්‍රශ්නවලට මුහුණ පාද්දී ඇමැතිවරුන් මෙසේ පොරොන්දු කඩමින් සුපිරි වාහන ගෙන්වීම ජනතාව අනුමත කරන්නේ නැත.

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය හදිසි මැතිවරණයකට මුහුණ දෙන්නට සූදානම් වනු පෙනේ. එජාප සියලුම මැති ඇමැතිවරුන් ඇතුළු තම පාර්ලිමේන්තු කණ්‌ඩායමට විදේශ සංචාරයන් නොකර ලබන නොවැම්බර් මස එනම් අයවැය දක්‌වා සිටින ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියකින් දැනුම් දී ඇත. මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමට ද රජය තීරණය කර තිබේ.

ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසු හඳුනාගත් පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය. ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවලට වසරක පුහුණු කාලයකට යටත්ව දිස්‌ත්‍රික්‌ පදනම මත එම උපාධිධාරීන් බඳවා ගැනීමට කැබිනට්‌ අනුමැතිය ද හිමිවී ඇත.

මේ ආකාරයට ආණ්‌ඩුව මැතිවරණ ඉලක්‌ක කරගෙන නව වැඩසටහන් රැසක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිතය.

ලන්ච් ෂීට්‌, රිජිෙµdaම් කෑම පෙට්‌ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. වර්තමාන ප්‍රශ්න දෙස බලන විට මෙය ඉතාම කාලෝචිත වුව ද එය ප්‍රායෝගික නොවන්නේ ඊට නිසි විකල්ප ලබාදී නැති නිසාය. මේවායෙන් අවසානයේ අපහසුවට පත්වන්නේ ජනතාවය. ජනතාවට වැඩි මිලක්‌ දරන්නට ද සිදුවේ.

කුණු ප්‍රශ්නය දිගින් දිගටම ඔඩුදුවද්දී ආණ්‌ඩුව එය මහජනතාවට තවත් බරක්‌ වන්නට ඉඩ හැර තිබේ. කුණු දමන්නට නිසි ස්‌ථාන ඇතිකරනවා වෙනුවට කුණු දමන පුද්ගලයන් අල්ලා නඩු දැමීම ආණ්‌ඩුව වේගවත් කර තිබේ. කුණු ප්‍රශ්නයට විසඳුම් දීමට ඇති ප්‍රධානම බාධාව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමය. මේ අතර ගාල්ල මහ නගර සභාව විසුරුවා හැර මහජන නියෝජිතයන් නොමැති තත්ත්වයකදී කොමසාරිස්‌වරුන් විසින් නගර සභා සීමාවේ පදිංචිකරුවන්ගෙන් බදු එකතු කිරීම නීති විරෝධී යෑයි ප්‍රකාශ කරන ලෙස ගාලු දිසා අධිකරණයේ පවරන ලද නඩුවක්‌ විභාගයට ගැනීමට තීරණය වී තිබේ. එම නගර සීමාවේ බදු ගෙවන්නන් කිහිපදෙනකු විසින් පවරා ඇති මෙම නඩුවේ තීන්දුව රට පුරාම කොමසාරිස්‌ පාලනයට ලක්‌කර ඇති පළාත් පාලන ආයතනයන්හි පැවැත්මට සෘජුව බලපානු ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය දිනවල දැඩි කතාබහට ලක්‌ව තිබේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලයට කරුණු වාර්තා කිරීම සඳහා මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ප්‍රමුඛව අධ්‍යක්‌ෂ මණ්‌ඩලය කැබිනට්‌ රැස්‌වීමට කැඳවා තිබුණි.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛව අමාත්‍ය මණ්‌ඩලය විසින් ගුවන් සේවය සම්බන්ධව කරුණු විමසු අතර මෙහිදී ශ්‍රී ලංකන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්‌ෂවරුන් ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය විසින් අසන ප්‍රශ්න සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීමට අවශ්‍ය සියලු තොරතුරු රැගෙන ගොස්‌ තිබිණි. අමාත්‍යවරුන් වන දොස්‌තර රාජිත සේනාරත්න සහ µSSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා විසින් ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්‌ඩලය ඉදිරිපිට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්‌ෂවරුන් හට බැණ වැදී තිබිණි. මේ නිසා එක අධ්‍යක්‌ෂවරයකු ඉල්ලා අස්‌වී තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස්‌ 320 යානයක්‌ කල්බදු කාලසීමාව මේ වන විට අවසන්ව ඇති අතර එය ඉන්දියානු ඉන්ඩිගෝ ගුවන් සමාගම විසින් නැවත ලබාගෙන ඇත. එහෙත් එය ලබාදීමට ප්‍රථම සිදුකළ යුතු කාර්යයන් සිදු නොකිරීම නිසා එය ලබාදීම ප්‍රමාදවී තිබේ. මෙම කල්ගතවීම නිසා දිනකට ඇමෙරිකන් ඩොලර් 12,000 ක දඩයක්‌ අදාළ ඉන්දියානු සමාගමට ගෙවිය යුතුව ඇති අතර මේ දක්‌වා දින 62 ක්‌ ගතව ඇත. මේ වැය කරන්නේ රටේ ජනතාවගේ මුදල් ය.

ශ්‍රී්‍රS ලන්කන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප රුපියල් ලක්‌ෂ 35 ක්‌ බව පැවසේ. මේ නිලධාරියා ආණ්‌ඩුවේ ඉහළ උපදේශකයකුගේ සොහොයුරෙකි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපේ රටේ ජාතික ගුවන් සේවයයි. යුරෝපය ඇතුළු ගමනාන්ත රැසක්‌ සඳහා එහි ගුවන් ගමන් වර්තමාන පරිපාලනය විසින් නතර කර දමා තිබේ. ගුවන් සේවයට හානියක්‌ නොවන ආකාරයට රටේ ජනතාවට ද බරක්‌ නොවන ලෙස මේ ප්‍රශ්නය වහාම විසඳාගත යුතුය.

යහපාලන ආණ්‌ඩුවේ ඇතැමුන් නීතිය අතට ගෙන ක්‍රියාකරන්නේ ජනාධිපතිවරයාගේ පවා නියෝගවලට පිටිනි. ජා ඇල, දඬුගම හා තදාසන්න ප්‍රදේශවල වගුරු ඉඩම් ගොඩකිරීම ජනධිපතිවරයා තහනම් කරන ලැබුව ද තවමත් ඒවා එලෙසම සිදුවේ. ධනවත් පුද්ගලයන් හා ඇතැම් සමාගම් මේවා පසුපස සිටින බව සඳහන්ය. ජාඇල ප්‍රදේශයේ කුඩු ජාවාරම ද බහුලව සිදුකෙරුණ ද ඒවාට ඇති දේශපාලන පසුබිම නිසා ඒවාට විරුද්ධව පියවර නොගැනේ.

යහපාලන ආණ්‌ඩුව ගෙන ඒමට මුල්වී ක්‍රියාකළ ශ්‍රී්‍රS ලංකා ආයෝජන මණ්‌ඩල සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්‌වී තිබේ. ඔහු තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දී ඇත.

රාජකාරි කටයුතු කරද්දී ඇතැම් තීරණ ගැනීමට බලපෑම් එල්ලවීම මීට හේතුවී ඇති බව සඳහන්ය.

කුලියාපිටියේ වොක්‌ස්‌වැගන් µeක්‌ටරිය, හොරණ ටයර් කර්මාන්තශාලාව හා කොළඹ ඉදිකිරීමට නියමිත ආසියාවේ උසම ගොඩනැඟිල්ල ආදී ආන්දෝලනාත්මක ව්‍යාපෘති කීපයක්‌ ජයසූරිය මහතාගේ කාලයේදී අත්සන් තැබිණි. මේවා සම්බන්ධයෙන් විවිධ චෝදනා හා බලපෑම් එල්ල විය.

ගොවිජනතාව පසුගිය දින කීපය පුරා ආණ්‌ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වූහ. කුකුළු ගොවීන් හා ගම්මිරිස්‌ ගොවීන් ඒ අතර වූහ. මේ ප්‍රශ්න විසඳා ආණ්‌ඩුව ගොවි ජනතාවට නිසි මිලක්‌ ලබාදිය යුතුය. රටේ ආර්ථිකය නඟා සිටුවීමේදී ගමේ ආර්ථිකය අතිශය වැදගත්ය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලනය කැළඹේ - රට යන අත කොහෙද?
දේශපාලනය කැළඹේ - රට යන අත කොහෙද?
http://ift.tt/2ukQTAH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy