ලෝ ක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේ දී සලකා බලන්නෙ යයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළ...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේ දී සලකා බලන්නෙ යයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. පසුගිය කාලයේ දී බොරතෙල් මිල ඉහළ ගොස් තිබියදී මෙරට තෙල් මිල ස්ථාවරව තබා ගෙන ජනතාවට ඉන්ධන ලබා දුන් බවත් මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් තෙල් සංස්ථාව විශාල පාඩුවක් ලබන බවත් ඔහු පැවසීය.
තෙල් සංස්ථාව පාඩු ලැබීය යනු මෙරට ජනතාව පාඩු ලැබීම බවද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් ඉදිරියේදී බොරතෙල් මිල පහළ බැසීම වාසිය ජනතාවට ලබා දීම ගැන සලකා බලන බවද ඔහු කියා සිටියේය.
හැටන් ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS