පැ මිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට මැ...
පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට මැතිවරණ නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීම සඳහා ලබන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය අතරතුරදී අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව පවසමින් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර 05 ක කාලය තුළදී රුපියල් කෝටි 30 කට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
එම නඩු විභාගය අතරතුරදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ බවට නැඟුනු පැමිණිල්ලක් අනුව විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබිණි.
සජින්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට නියමිත බව මේ අතර වාර්තා වේ

COMMENTS