දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය නිපදවන කම්හලක් ලංකාවටත් - ඉන්දුනීසියානු ලංකා ගිවිසුම් 3කට අත්සන් තබයි
Homeප්‍රවෘත්ති

දුම්රිය නිපදවන කම්හලක් ලංකාවටත් - ඉන්දුනීසියානු ලංකා ගිවිසුම් 3කට අත්සන් තබයි

PropellerAds

ශ්‍රී ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලන බව ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිප...

ෆෝන් බිල වංචා කරලා… කෙහෙළියට අධි චෝදනා… ඇප පිට නිදහස් කරයි!
ගණිකා වෘත්තිය කියන්නේ රෑට විතරක් කරන දෙයක් නොවෙයි... දවස තිස්සෙම කරන දෙයක් - ඩයනා ගමගේ
මගේ කාලෙ මිනිස්සු කාලා බීලා සතුටින් හිටියා... එදා බඩු මිලත් අඩුයි පඩියත් වැඩියි - හිටපු ජනපති
දුම්රිය නිපදවන කම්හලක් ලංකාවටත් - ඉන්දුනීසියානු ලංකා ගිවිසුම් 3කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලන බව ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට සූදානම් බව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසයි.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝ මහතා 1979 වසරේදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එනම් වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.

අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා සහ එම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 03 ක් ඔස්සේ එම ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම, දෙරට අතර පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය කර ගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු කෙරිණි.

ඉකුත් වසර කිහිපයේ සිට ව්‍යවසායකයන්ට වාසිදායක වන ආයෝජන පසුබිමක් ශ්‍රී ලංකාවේ තිබෙන අතර, ශ‍්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ඉන්දුනීසියානු ව්‍යවසායකයින් දිරිගන්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප‍්‍රතිචාරයක් හිමිවිය.

ඇඟලුම් ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව වටා ඇති සාගර සම්පත රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ආකාරයෙන් යොදාගැනීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියානු අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට එතුමාගේ විශේෂ අවධානය යොමුවිය.

ආරක්ෂාව ආශ්‍රීත වැඩමුළු, ශිෂ්‍ය භට හුවමාරු වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කරමින් දෙරටේ ආරක්ෂක හමුදා අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර, ත්‍රිකුණාමලයේ පවත්වනු ලබන අසමමිතික යුද පාඨමාලාවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියා නාවික හමුදාවේ විශේෂ බළකා භට පිරිස් වෙනුවෙන් අවස්ථාවක් ලබා දීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දුනීසියා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේදී තමා ඉන්දුනීසියාවේ සිදු කළ සංචාරයේදී දැක්වූ ඉහළ පිළිගැනීම සහ සුවිශේෂිී ආගන්තුක සත්කාර පිළිබඳ සිය කෘතවේදිත්වය පළ කළේය.

2017 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් සහල් හිඟයට පිළියමක් ලෙස ඉන්දුනීසියානු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතියි පිරිනැමීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 65 ක් සපිරීම ද මේ වසරේ සමරනු ලබන අතර මෙම දශක හය හමාරක කාලපරිච්ඡේදය තුළ දෙරට විසින් දේශපාලන, සංස්කෘතික, ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක හා සංචාරක යන ක්ෂේත‍්‍ර ඔස්සේ පවත්වාගෙන යනු ලබන මිත‍්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතාවය ද නායක දෙපළ සිහිපත් කළහ.

නිදහස් රටවල නව සබඳතාවකට පදනම වූ නොබැඳි ජාතින්ගේ ව්‍යාපාරයට තුඩුදුන් 1955 බැන්ඩුන් සමුළුවේදී ඉන්දුනීසියාව ලබාදුන් ඓතිහාසික නායකත්වයද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිහිපත් කරනු ලැබීය.

වර්තමානයේදී ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර තලයේ පවතින ශක්තිමත් සහයෝගීතාවය ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඉන්දියානු සාගර වටද්දර රටවල සංවිධානයේදී දෙරටම ඉතා සහයෝගීතාවයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

ආසියානු සංවිධානයේ පාර්ශ්වික සංවාදකරුවෙකු වශයෙන් සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය සහ ශාන්තිකර සාගර සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව ඉන්දුනීසියා ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

උසස් අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, නීති විරෝධි අයුරින් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ප‍්‍රවාහනය මැඩලීමේ අවබෝධතා ගිවිසුම සහ සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳ අවබෝධතා ගිවිසුම ඊට ඇතුළත්ය.

11

14

12

17

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය නිපදවන කම්හලක් ලංකාවටත් - ඉන්දුනීසියානු ලංකා ගිවිසුම් 3කට අත්සන් තබයි
දුම්රිය නිපදවන කම්හලක් ලංකාවටත් - ඉන්දුනීසියානු ලංකා ගිවිසුම් 3කට අත්සන් තබයි
http://am.lk/media/k2/items/cache/0ce53a95341d79d3b8f83c237d3066de_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/3_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/3_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy