දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇන්කර්වලට ප්‍රමිති සහතික දුන් රජයේ නිලධාරීන්ට නවසීලන්ත සංචාරයක් තෑගි !
Homeප්‍රවෘත්ති

ඇන්කර්වලට ප්‍රමිති සහතික දුන් රජයේ නිලධාරීන්ට නවසීලන්ත සංචාරයක් තෑගි !

PropellerAds

ආ නයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවස...

දෙමටගොඩ රුවන්ලාගේ කෝටි 8ක තවත් සුපිරි වාහන සොයාගනී - දැනට අල්ලපු වාහනවල වටිනාකම විතරක් කෝටි 24ක්!
අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි - වාසු
ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති!
නයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයේ සංචාරයක් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
කිරිවල ප්‍රධාන සංඝටක වන කිරි ප්‍රෝටීන, කිරි මේදය හා කිරි සීනි (ලැක්ටෝස්) වෙනත් ලාභදායී නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නා අතර ඒ වෙනුවට වූ වෙනත් ආදේශක කිරිපිටි නිෂ්පාදනයේදී උපයෝගී කරගනිමින් සිටින බව මේ වනවිට හෙළිදරව් වී ඇත.

අප රටට කිරිපිටි ආනයනය කරන ප්‍රධාන රටක් වන නවසීලන්තයේ අදාළ සමාගම්වල වෙබ් අඩවි මේ බව පිළිගනියි. ඔවුන්ට අනුව ශ්‍රී ලංකාව වැනි අඩු මිලදී ගැනීමේ හැකියාවක් සහිත රටවල වෙළෙඳපොළට අඩු මිලට කිරිපිටි ලබාදීම සඳහා කිරි මේදය ඉවත් කර ඒ වෙනුවට ‘‘ගුණාත්මක’’ එළවළු තෙල් ප්‍රභවයන් එක් කරන බව ප්‍රකාශ වෙයි. එම එළවළු තෙල් වර්ගය කටු පොල් තෙල් හෙවත් පාම් තෙල් බව ඒ අය පිළිගනියි.

ලෝක සෞඛ්‍ය සංවිධිනය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද කිරිපිටි නිසා සෑදෙන රෝග 21ක් පිළිබඳ දැන්වීම මගින් ජනතාව දැනුවත් කර ඇත.

ආනයනික කිරිපිටි ආනයනය අඩු වීමෙන් පසුගිය වසරක කාලයේදී රුපියල් බිලියන ගණනක මුදල් රටට ඉතිරි කර ගැනීමට හැකිවිය.

තම වෙළෙඳ මාෆියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට මාවතවක් සොයමින් සිටි ආනයනික කිරිපිටි සමාගම් මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිහිට පැතීමට ඉදිරිපත්ව ඇත. ඔවුන් ඉදිරිපත් කරනා නිවේදනයකින් ජනතාවට දැනුම් දෙන්නේ ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතියට ගැළපෙන බවයි. ඒ නිසා ආයනයනික කිරිපිටිවලට කිසිදු ගැටලුවක් නොමැති බවට හැඟවෙන ප්‍රකාශ විශාල මුදලක් වැය කරමින් ඔවුන් සිදුකරමින් සිටියි.

පාරිභෝගික අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ප්‍රමිති කාර්යාංශයේ කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කරන පරාමිතින්ද/ දර්ශක අදට ගැළපෙන ලෙස වෙනස් කළ යුතු බවය.

ඒ පිළිබඳ මුනිවත රකින ප්‍රමිති කාර්යාංශය අසීමාන්තික උනන්දුවකින් යුක්තව නවසීලන්තයේ සංචාරය කරමින් තමන් මේ වන විටත් ලබාදී ඇති ගැටලුකාරී ප්‍රමිති සහතික නැවත අලුත් කිරීමට කටයුතු කර ඇත.

පාරිභෝගික අධිකාරිය රාජ්‍ය ආයතනයකි. ප්‍රමිති කාර්යාංශයද රජයට අයත්ය. රාජ්‍ය ආයතන දෙකක් ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇන්කර්වලට ප්‍රමිති සහතික දුන් රජයේ නිලධාරීන්ට නවසීලන්ත සංචාරයක් තෑගි !
ඇන්කර්වලට ප්‍රමිති සහතික දුන් රජයේ නිලධාරීන්ට නවසීලන්ත සංචාරයක් තෑගි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_cLvreFO8fCghUnKVeUsZyf80JXrzpa680Npq5lqPQJGPfUZQJANQt33Zd9WL3IdD58PpTohbzsncCUF5fKGWzF8FziD_gYnl__k91bPEVRdMOhKLfDOduLgrFSZcNAca0FSSFlK43j6h/s320/PR.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_cLvreFO8fCghUnKVeUsZyf80JXrzpa680Npq5lqPQJGPfUZQJANQt33Zd9WL3IdD58PpTohbzsncCUF5fKGWzF8FziD_gYnl__k91bPEVRdMOhKLfDOduLgrFSZcNAca0FSSFlK43j6h/s72-c/PR.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy