දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරානයෙන්, දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් එන සියළු දෙනා කෙලින්ම ලාදුරු රෝහලට.. එහි දෙසතියක් රදවා ගනී !
Homeප්‍රවෘත්ති

ඉරානයෙන්, දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් එන සියළු දෙනා කෙලින්ම ලාදුරු රෝහලට.. එහි දෙසතියක් රදවා ගනී !

PropellerAds

කො රෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්...

ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි
පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට
සයිටම් දෙමාපිය සංසඳය ජනපති හමුවෙයි
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.
එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා ගනු ලබන ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කොට ඇත.

මේ පිළිබදව විශේෂ ප්‍රකාශයක් සිදු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා –

“කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව ඉරානයෙන්, දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් ගුවන් මගින් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධානයකට ලක් කරනවා. එම තීරණය ගැනීමෙන් පසු අප විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිළිබදව සිදු කළ සාකච්ඡාවට අනුව දැනට අපි එක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හැදල ලාදුරු රෝහල් පරිශ්‍රය තෝරාගෙන තිබෙනවා. නිරෝධායන කටයුතු සදහා මේ පරිශ්‍රය ඉතා සුදුසු ස්ථානයක්.

මීට පෙර වූහාන් වල සිටි සිසුන් ශ්‍රී ලංකාවට ගෙනවිත් දියතලාව ප්‍රදේශයේ දී නිරෝධානයට ලක් කරනු ලැබුවා. නිරෝධානයට ලක් කරන්නේ රෝගී වූ පිරිස් නොවෙයි. රෝගී තත්ත්වයේ නැති පිරිස්. වෛරසය වැළදී තිබෙනවා නම් ඔවුන් නිරෝධායනට නොවෙයි ලක් කරන්නේ රෝහල් ගත කිරීමයි සිදු කරන්නේ. නිරෝධායනයට ලක් කරන්නේ ඔවුන්ට රෝගී තත්ත්වයක් නැති වුනත් යම් කිසි ආකාරයෙන් කිසිවෙතු තුල කොරෝනා වෛරස විෂබීජය තිබෙනවා නම් ඒ් විෂබීජය දින 14 ක් තුල පවතින නිසා. ඉන් පසු එම වෛරසය පවතින්නේ නැහෑ. ඒ කාලය ගත කිරීමට තමයි මෙසේ එක් ස්ථානයක එම පිරිස් රදවනු ලබන්නේ. මේ ශ්‍රී ලංකා රජය ගත් තීරණයක්.

මෙම හැදල නිරෝධායන මධ්‍යස්ථානය සකසුරුවම් කිරිම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සම්පූර්ණ සම්බන්ධතාවය ලබාගන්නවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහි රාජකාරි සිදු කරනු ලබනවා. රඳවා සිටින කාලය තුල එම පිරිස් වෙත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. මෙම වෛරසය මේ ආකාරයට පාලනයට ලක් කරන්නේ නැතිව ඉහත රටවල මේ රෝගය විශාල ලෙස පැතිර යනවිට අප රටක් වශයෙන් නිහඩව සිටියොත්, මෙවැනි ක්‍රියාමාර්ග නොගත්තොත් අපි නොදැනුවත්වම මෙම වෛරසය රට තුලට පැතිරෙන්න පුළුවන්. පසුව පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එබැවින් විද්‍යානුකූලව ගත යුතු පියවර තමයි අප ගනු ලබන්නේ.

මෙහිදී හැඳල ලාදුරු රෝහල අවට ජනතාවට හෝ කිසිම අයෙකුට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන ආකාරයට විද්‍යාත්මකව තහවුරු කර වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මේ තීරණය ගනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරී ඇති බලතල අනුව නීතිප්‍රකාරවයි. මේ සදහා සියලු ආයතනවල, ජනතාවගේ සහයෝගය අනිවාර්යයයෙන්ම සෞඛ්‍ය අංශ වෙත ලැබිය යුතුයි.”

– විරාජ් අබේසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරානයෙන්, දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් එන සියළු දෙනා කෙලින්ම ලාදුරු රෝහලට.. එහි දෙසතියක් රදවා ගනී !
ඉරානයෙන්, දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් එන සියළු දෙනා කෙලින්ම ලාදුරු රෝහලට.. එහි දෙසතියක් රදවා ගනී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixRv5hht7ymBPTI4PJU95GizgKhOZugjDDiy-SJ_Ovu7HrCnSn_DYWVFXUblk5A5TnKujNGF2rHFyjL784y3kB38BM64GYD7lDoq2tsEOR64dBs7FbfvD4phUSf5EyKEkgwAd97JbWSuZ8/s320/154544.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixRv5hht7ymBPTI4PJU95GizgKhOZugjDDiy-SJ_Ovu7HrCnSn_DYWVFXUblk5A5TnKujNGF2rHFyjL784y3kB38BM64GYD7lDoq2tsEOR64dBs7FbfvD4phUSf5EyKEkgwAd97JbWSuZ8/s72-c/154544.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy