දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටපුරා සුපිරි වෙළෙඳසැල්වල හාල් මිටිවලින් සුපිරි ගැහිල්ලක් - කිලෝ ලක්ෂයක් විකුණද්දි කිලෝ 3000ක සුපිරි ඉතිරියක්
Homeප්‍රවෘත්ති

රටපුරා සුපිරි වෙළෙඳසැල්වල හාල් මිටිවලින් සුපිරි ගැහිල්ලක් - කිලෝ ලක්ෂයක් විකුණද්දි කිලෝ 3000ක සුපිරි ඉතිරියක්

PropellerAds

සු පිරි වෙළෙඳසැල්වල විකිණීමට තබා ඇති බොහොමයක් සහල් මිටිවල නියමිත බර නොමැති බවත් මේ ආකාරයෙන් පාරිභෝගිකයන් ගසා කෑමේ විශාල මගඩියක් රට පුරා සූක...

"අපි වැඩ කළ නිසා බැනුම් අහනවා" - අගමැති
එවරස්ට් ජය ගත් ජයන්ති,යොහාන් නව අභියෝගයකට සැරසෙයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ
සුපිරි වෙළෙඳසැල්වල විකිණීමට තබා ඇති බොහොමයක් සහල් මිටිවල නියමිත බර නොමැති බවත් මේ ආකාරයෙන් පාරිභෝගිකයන් ගසා කෑමේ විශාල මගඩියක් රට පුරා සූක්ෂමව ක්‍රියාත්මක වන බවත් අනාවරණය විය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (05වැනිදා) මහනුවර නගරයේ සුපිරි වෙළෙඳසල්වල අලෙවියට තබා ඇති පෙර ඇසුරුම් සහල් මිටි පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ මේ බව අනාවරණය විය.

සුපිරි වෙළෙඳ නාම යටතේ අලෙවියට තබා ඇති කිලෝග්‍රෑම් 05 සහ 10 සහල් මිටිවල ඒවාහි සඳහන් බරට වඩා ග්‍රෑම් 100 සිට 300 දක්වා ප්‍රමාණයක් අඩු බව වැටලීම සිදුකළ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ කාර්යභාර නිලධාරී දුලිත් අශෝක පවසයි.

අභ්‍යන්තර වෙළෙඳ, ආහාර හා පාරිභෝගික කටයුුත අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් හා මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ නිර්දේශ මත අලෙවිය සඳහා ඇති පෙර ඇසුරුම් සහල් පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙළ දියත්කර තිබේ.

සහල් ව්‍යාපාරිකයන් නීතියෙන් ගැලවීම පිණිස පෙර ඇසුරුම් සහල් මිටිවල ශුද්ධ බර වෙනුවට අසුරන ලද අවස්ථාවේ බර ලෙස සඳහන් කර මෙම ජාවාරම සිදු කරන බවත් පාරිභෝගිකයන් තමන් මිලට ගන්නා සහල්වලට ගෙවිය යුත්තේ ඒ මොහොතේ පවතින බරට මිස අසුරන ලද අවස්ථාවේ බරට නොවන බවත් ඔහු කීය.

කිලෝග්‍රෑම් 10 ක සහල් මිටියක ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් අඩුවීම සුළුවෙන් තැකිය නොහැකි බවත් මේ ආකාරයට සහල් කිලෝ ලක්ෂයක් අලෙවි කිරීමේදී සහල් කිලෝ 3000 ක අමතර ලාභයක් ව්‍යාපාරිකයන්ට හිමිවන බවත් හෙතෙම අවධාරණය කළේය.

පෙර ඇසුරුම් සහල් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් ගෙවිය යුත්තේ සහල් මිටියේ සඳහන් බරට නොව සත්‍ය වශයෙන්ම එහි පවතින බරට පමණක් බවත් අදාළ බර කිරා මැන ගැනීමට අවශ්‍යය පහසුකම් සුපිරි වෙළෙඳසල්වල තිබිය යුතු බවත් කී දුලිත් අශෝක මුල් අවස්ථාවේ නීතිමය ක්‍රියාමාර්ග නොගත් නමුත් ඊළඟ වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම තත්ත්වය මගහැරී නොතිබුණහොත් එම වෙළෙඳුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද ප්‍රකාශ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටපුරා සුපිරි වෙළෙඳසැල්වල හාල් මිටිවලින් සුපිරි ගැහිල්ලක් - කිලෝ ලක්ෂයක් විකුණද්දි කිලෝ 3000ක සුපිරි ඉතිරියක්
රටපුරා සුපිරි වෙළෙඳසැල්වල හාල් මිටිවලින් සුපිරි ගැහිල්ලක් - කිලෝ ලක්ෂයක් විකුණද්දි කිලෝ 3000ක සුපිරි ඉතිරියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_PiaYgOxZQTcHs59CSIpnU7FWiIDpEkWQ9TPGNE9UYOvghoAYSeJtD23dIm5uXxlAEWPqRTYQ5o-uPQ7CZBNi00L2cKd_J5u5piL9RWb2lSvrmMEX4eQVyRKW5q41JD6QQBmoWXUiBdBR/s320/rice.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_PiaYgOxZQTcHs59CSIpnU7FWiIDpEkWQ9TPGNE9UYOvghoAYSeJtD23dIm5uXxlAEWPqRTYQ5o-uPQ7CZBNi00L2cKd_J5u5piL9RWb2lSvrmMEX4eQVyRKW5q41JD6QQBmoWXUiBdBR/s72-c/rice.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/3000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/3000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy