දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ගෝඨා නිදහස් දින උත්සවය අමතමින් සිදුකළ කතාව
Homeප්‍රවෘත්ති

ජනපති ගෝඨා නිදහස් දින උත්සවය අමතමින් සිදුකළ කතාව

PropellerAds

ජා තික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව කෙටියෙන්. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස් ස්වාධීන ජනරජයක්. වසර 500ක...

ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්!
ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළිනවා - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් බරපතළ චෝදනාවක්!
ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන තරගය පාවා දුන්නද? තීන්දුව ප්‍රකාශයට පත්කරයි
ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව කෙටියෙන්.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස් ස්වාධීන ජනරජයක්. වසර 500ක යටත් විජිත පාලනයකින් නිදහස් වී වසර 72ක් ගතවන අද දිනයේදී රාජ්‍ය නායකයා ලෙස ඔබ අමතන්නේ ඔබ ලබාගත් නිදහස තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවකනි.

මේ නිදහස ලබාගැනීමට කටයුතු කළ සියලුම නායකයන්ට මගේ ගෞරවය පුදකරනවා. සියලුම ජාතිකයන්ට නිදහසව ජීවත්වීමට අවස්ථාව තිබෙනවා.

ස්වාධීන මතයක් දැරීමට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අප තහවුරු කරනවා. ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය අප තහවුරු කරනවා.

ශ්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමේ අයිතිය තහවුරු කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළ යුතු කරුණු තිබෙනවා.

විධායකය, අධිකරණය හා ව්‍යවස්ථාදාකයේ සමතුලිතතාවය වටිනවා.

බලය බෙදා හැරීමේදී මධ්‍යම ආණ්ඩුව හා විමධ්‍ය ගත ආණ්ඩු වගකීම් හඳනා ගත යුතුයි.

රජය හා ජනතාව අතර සම්බන්ධීකරණය සුවිශේෂී වෙනවා.

බලයට පත්වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා ගනු ලැබුවේ සර්ව ජන ඡන්ද බලයෙන්.

මගේ ධූර කාලය තුළ රටේ සියලුම දෙනාගේ නායකයා ලෙස රටේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න මම සූදානම්.

රාජ්‍ය නායකයෙක් පත්වූ පසු සියලු ජනතාවගේම රාජ්‍ය නායකයා වෙනවා.

ජනාධිපතිවරයා ලෙස අද මම නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවයි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා.

මේ ආයතන ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය බිඳ වැටෙයි නම් එය රට තුළ අරාජිකත්වයක් ඇති කරනවා.

ජාතික දැක්මක් තුළ සිය කාර්ය භාරය ඉටුකළ යුතුයි.

ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට මම බැඳී සිටිනවා.

එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වන්නේ නෑ.

අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කරනවා.

ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා.

අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. ජනතාවට අහිමිවන සම්පත් අධිකයි.

මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතා ගැන අපි විමසා බැලිය යුතුයි.

බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම සිදු නොවිය යුතුයි.

සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.

ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක් කිරීමට බාධා පමුණවන යල් පැනගිය නීතිරීති රෙගුලාසි වෙනස් විය යුතුයි.

ජනතාව මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට කටයුතු කරනවා.

ලංකාව බෞද්ධ දර්ශයෙන් පෝෂණය වූ සියලු ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්.

මගේ පාලන කාලය තුළ ඕනෑම කෙනෙකුට ආගමක් ඇදහීමේ අවස්ථාව මම තහවුරු කරනවා.

මගේ ධූර කාලය තුළ බෞද්ධ දර්ශනය ආරක්ෂා කර පෝෂණය කරනවා.

සමාජ හා ආර්ථික විෂමතා අවම කළ යුතුයි. අද ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවලට නෑ.

මේ රටේ පොදු ප්‍රශ්නයි. අපි මුලින්ම කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳා දීමයි. දරිද්‍රතාව තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන්නේ ඒ නිසයි.

අපිට තවදුරටත් කාලය අපතේ හරින්නට බෑ. අපේ පිහිටීම හා භෞතික හා මානව සම්පත් ප්‍ර යෝජනයට ගනිමින් සංවර්ධන කටයුතු වේගවත් කරනවා.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය කාරණයක්. මේ සඳහා සමස්ත රාජ්‍ය පරපාලනයම වගකීම භාරගත යුතුයි.

ත්‍රස්තවාදීන් අන්තවාදීන්, සොර සතුරන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජනජීවිතයට බාධා පැමිණෙනනවානම් එතන නිදහසක් නෑ.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අප කටයුතු කරනවා. අන්තවාදී සංවිධාන මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩක් නෑ.

රාජ්‍ය ආයතන තුළ දූෂණ වංචාව තුළ ජනතාවට සේවාවක් නෑ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය අප තවදුරටත් සිදුකරනවා. සිතීමට මෙන්ම ලිවීමට ඇති අයිතිය තහවුරු කරනවා.

මගේ රජය විරුද්ධ මතය පිළිගන්නවා. මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා. අද සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයන් එල්ල කරනවා.

හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නට. සෑම විටම රට ගැන හිතන්න. අනෙකුත් රට වැසියන් ගැන හිතන්න.

ඔබ කරන කියන දෙයින් සිදුවන්නේ යහපතක්ද අහපත්කද සිතන්න. රජය වැරදි මාර්ගයක යනවානම් එය පෙන්වා දෙන්න.

නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. නීතිමය කටයුතු සඳහා දේශපාලන අතගැසීම් කරන සංස්කෘතිය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අප ඉදිරියේ අභියෝග රාශියක්තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයයි. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අභිටෙයා්ගයට මුහුණ දිය හැකියි.

ඉතිහාසය අප වෙත පවරා ඇති වගකීම ඉටු කිරිම අප හා එක්වෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29358,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ගෝඨා නිදහස් දින උත්සවය අමතමින් සිදුකළ කතාව
ජනපති ගෝඨා නිදහස් දින උත්සවය අමතමින් සිදුකළ කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6xhgaKNIeK9x8DmFKh7fKld7lRyOx1EOjIfyW0DK7L1P_oI1CXFYyRHcFVtfYum1jo95lTSE3Z_qXLA168oydeIHGht8NszXXKlCsFrDNkaZvHquGN2rZwgmXY06uNT5ROxY4YQ68xW8e/s320/e129c94e21d24f57958ac37b437f8f5c7e9a3cc3.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6xhgaKNIeK9x8DmFKh7fKld7lRyOx1EOjIfyW0DK7L1P_oI1CXFYyRHcFVtfYum1jo95lTSE3Z_qXLA168oydeIHGht8NszXXKlCsFrDNkaZvHquGN2rZwgmXY06uNT5ROxY4YQ68xW8e/s72-c/e129c94e21d24f57958ac37b437f8f5c7e9a3cc3.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy