දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපෙ නව සන්ධානයේ ලකුණ හංසයා !
Homeප්‍රවෘත්ති

එජාපෙ නව සන්ධානයේ ලකුණ හංසයා !

PropellerAds

ර නිල් හා සජිත් පාර්ශ්ව එක්ව එජාපෙ නව සන්ධානයේ ලකුණ ලෙස 'හංසයා' තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය...

ලංකාවේ යුද වීරයා ජනාධිපතිගෙ අධිආරක්ෂක කලාපවලට එරෙහිව උසාවි යයි!
රාජපක්ෂවරුන්ට එරෙහිව යළි අරගලය දියත් කරයි – රැස්වීමට ගිය නිපුණට ජනතාවගෙන් දැඩි විරෝධයක් (VIDEO)
ලෝක වෙළෙදපොළේ බොරතෙල් විශාල ලෙස බැහැලා! පෙට්‍රල්-ඩීසල් 125කට දෙන්න පුලුවන්! කංචනගේ මිල සූත්‍රය තියෙන්නේ වැඩි කරන්න විතරද? ජනතාවට දැන්වත් මේ සහනය දෙන්න! (VIDEO)
නිල් හා සජිත් පාර්ශ්ව එක්ව එජාපෙ නව සන්ධානයේ ලකුණ ලෙස 'හංසයා' තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය. සිකුරාදා (14දා) පස්වරුවේ රනිල් පාර්ශ්වයේ හා සජිත් පාර්ශ්වයේ නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡා සුබදායක මට්ටමින් අවසන් වූ බවත් මහ මැතිවරණයට එක්ව තරග කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශ්වයම බොහෝ දුරට එහිදී එකඟතාවකට පැමිණි බවත්, එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කිසිදු අයුරකින් පක්ෂයේ බෙදීමක් සිදු නොවිය යුතු බවත් පක්ෂය කැඩූ තැනැත්තා ලෙසට ඉතිහාසගත වීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මෙහිදී සඳහන් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා, වෙන වෙන ඩීල් නොදා කකුලෙන් ඇදීම් සිදු නොකර මෙම පුළුල් සන්ධානයට ශුද්ධ අයුරින් සහාය දීමට හැමෝම වගබලා ගතහොත් මහ මැතිවරණ ජයග්‍රහණයක් දක්වා ගෙනයෑමට තමන්ට හැකි බවත් එහිදී අවධාරණය කර තිබේ.

ඒ අනුව ‘සමඟි ජාතික බලවේගය’ නමැති නව සන්ධානය යටතේ සියලු දෙනා එක්වී මහ මැතිවරණයට තරග කිරීමට එකඟ වූ බව සජිත් පාර්ශ්වයේ ප්‍රධානියෙක් ‘මව්බිම’ ට පැවැසීය.

කෙසේ වෙතත් ‘ලකුණ’ සම්බන්ධ අවසන් තීරණයක් ඊළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගැනීමට එකඟ වී ඇත.

ඒ අනුව ‘සමඟි ජාතික බලවේගයේ’ ලකුණ වන හදවත වෙනුවට වෙනත් ‘ලකුණක්’ යොදා ගැනීමට නියමිත බව හෙතෙමද පැවැසීය.

මෙම ලකුණ මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ප්‍රසිද්ධ කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වයේම ප්‍රධානීන් ප්‍රකාශ කළේ සාකච්ඡා සාර්ථක වූ බවයි.

මෙම අර්බුදය විස¼දා ගැනීම සඳහා පත් කළ දෙපාර්ශ්වයේ කමිටු රැස්වීමද ඉහත අයුරින් අවසන් වුවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ 'අලියා' ලකුණ 'සමඟි ජාතික බලවේගයට' ලබා නොදෙන්නේ නම් 'වෙනත්' ලකුණකින් මහ මැතිවරණයට තරග කළ යුතු බවයි. මෙම සාකච්ඡාවට එ.ජා.ප. මන්ත්‍රිවරු හතළිස් හය දෙනෙක් සහභාගි වී සිටියහ.

මේ අතර, රනිල් පාර්ශ්වය පස්වරුවේ පැවැත්වු රැස්වීමේදී පවසා තිබෙන්නේ විපක්ෂයේ නීතිඥ කමිටුවකට මේ සඳහා සුදුසු විසඳුමක් ලබාදීමට භාර කිරීම බවය.

දයා පැල්පොළ, රෝලන්ඩ් පෙරේරා ඇතුළු එ.ජා.ප. නීතිඥ පිරිසකට මෙම කාර්ය භාරදී ඇතැයි ද පැවසේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් ඒකමතික තීරණයකට අනුව නව සන්ධානයක් පිහිටු වූ බවත්, එහි නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය මෙන්ම, නාමයෝජනා මණ්ඩල සභාපතිකමද තමා වෙත භාරදුන් බවත් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පෙන්වා දී ඇත.

ඊට පසුව පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සන්ධාන මහලේකම් ධුරයට රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කළ බවද සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රි පිරිසට පෙන්වා දී ඇත.

දැන් එක්සත් ජාතික පක්ෂය, 'අලියා' ලකුණ සම්බන්ධ ප්‍රශ්නයක් මුල්කරගෙන කටයුතු කළත් පිහිටු වූ නව සන්ධානයට 'අලියා' ලකුණ නීත්‍යා නුකූලව ලබා දෙන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබේ. එසේ 'අලියා' ලකුණ නව සන්ධානයට ලබා ගැනීමේ නීත්‍යනුකූල ගැටලුවක් නොමැති බවද, කළ යුත්තේ එ.ජා.ප. මහලේකම්වරයා විසින් ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී අවශ්‍ය නෛතික අයිතිය ලබාදීම පමණක් බවයි.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ මේ සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව මෙය බවයි.

මෙම එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව 'සමඟි ජාතික බලවේගයේ' සභාපති, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එ.ජා.ප. ආසන සංවිධායකවරුන් ගෙන්වා ඔවුන්ගේ ස්ථාවරය විමසා ඇත.

ඔවුන්ද එක හ¾ඩින් ඉල්ලා ඇත්තේ නව සන්ධානයට 'අලියා' ලකුණ නොදෙන්නේ නම් 'හදවත' ලකුණින් මහ මැතිවරණයට තරග කළයුතු බවයි. ඊට එක් නොවන පිරිසට විකල්පයකට යා හැකි බවටද එහිදී කරුණු දක්වා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (14දා) දහවල් 12.30ට පමණ ආරම්භ වූ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවැත්වූ අතර, ඉන් පසුව පාර්ශ්ව දෙක නියෝජනය කරමින් පත්කළ කමිටුව නියෝජනය කරන සාමාජිකයන් දස දෙනා 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ පැය හතරකට ආසන්න කාලයක් රැස් වී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර පොදු එකඟතාවකට ඒමට තීරණය කළහ.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ කාට හෝ පක්ෂයෙන් ඉවත්වීමට හා වෙනම පක්ෂයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය නම්, එයට බාධාවක් නැති බවත්, පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කරන්නේ නම්, ප්‍රේමදාස මහතාට පක්ෂයේ තනතුරු අහිමි වීම නොවැළැක්විය හැක්කක් බවත්, රනිල් ආණ්ඩුවේ හිටපු ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් මෙන්ම දැනට පාර්ලිමේන්තු  මන්ත්‍රිවරයෙක් පැවැසීය.

මේ ප්‍රකාශය තම නමින් කිරීමට නොහැකි ඇයි 'මව්බිම' ඔහුගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පක්ෂය තුළ සමඟියක් ඇතිව පක්ෂයේ ප්‍රගමනයට කටයුතු කිරීම තමාගේ එකම අපේක්ෂාව නිසා මේ අවස්ථාවේ තම නමින් ප්‍රකාශයක් නොකරන්නේ ඉදිරියේදී බොහෝ ප්‍රකාශ කිරීමට ඉඩක් තබාගෙන බව හිටපු ඇමැතිවරයා පැවැසීය.

එජාප හිටපු නායකයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් ඝාතනය කිරීමට එජාපයේ පිරිසක් එදා දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත්, ප්‍රේමදාස මහතා එජාප මන්ත්‍රි කණ්ඩායම සමඟ පාර්ලිමේන්තුවට පිවිසෙන පියගැට පෙළේ බිම වාඩිවී සමූහ ඡායාරූපයකට පෙනී සිට ප්‍රශ්නය විසදා ගත් හැටිත්, දෝෂාභියෝගයට සම්බන්ධ වූ එජාප මන්ත්‍රිවරුන් 30ක් පක්ෂයෙන් ඉවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පියා කටයුතු කළ ආකාරයත් මේ අවස්ථාවේ ඔහුට සිහිපත් කර දෙන බවද හිටපු එජාප ඇමැතිවරයා කීය.

ශිරාන රණසිංහ
මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපෙ නව සන්ධානයේ ලකුණ හංසයා !
එජාපෙ නව සන්ධානයේ ලකුණ හංසයා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiJ_o8wSzMvLVEbqKZtFFQ7hz0jq1pzAej9cT_gTdfskhzX-Uvsf_ZDBwOk5Zd6MHmuvMcgy8MUdqtAKEjtEUxeYblvH8WjJZWWuuTRdOUNYK7z3cVzNuq21cG2JaCf9glsTB5s4AcpnC-/s320/z_p01-Speaker-receives.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiJ_o8wSzMvLVEbqKZtFFQ7hz0jq1pzAej9cT_gTdfskhzX-Uvsf_ZDBwOk5Zd6MHmuvMcgy8MUdqtAKEjtEUxeYblvH8WjJZWWuuTRdOUNYK7z3cVzNuq21cG2JaCf9glsTB5s4AcpnC-/s72-c/z_p01-Speaker-receives.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_373.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_373.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy