දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප කල්ලියක් රාජපක්‍ෂලාගේ පඩි ලයිස්තුවේ !
Homeප්‍රවෘත්ති

එජාප කල්ලියක් රාජපක්‍ෂලාගේ පඩි ලයිස්තුවේ !

PropellerAds

ඉ දිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නි...

එජාප නාවින්න පොහොට්ටුවට එක්වෙි.. තවත් එජාප පිරිසක් පෝලිමේ..
ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
දිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කර ඇති බවත් එයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන අය බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතු වන්නේ රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක් ලැබීම වැලැක්වීමට නොව එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවාගැනීම බවත් ඔහු සදහන් කළේය.

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ගම් මට්ටමේ නියෝජිතයින්ගේ වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.

මේ වෙලාවේ පක්ෂයේ අර්බුදයක් නැහැ. සියලු දෙනාම එකතු වෙලා එක ලකුණකින් තරග කිරිමට තීරණය කර තිබෙනවා. එක ලකුණකින් තරග කරලා ජයග්‍රහණය කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අර ලකුණම ඔ්න, මේ ලකුණම ඔ්න, අර ලේකම් ම ඔ්න, අර නායකයාම ඔ්න කියලා සමහරු කියන්නේ ඇයි? රාජපක්ෂලාට විරුද්ධව ‌සටන් කරනවාට අකමැති අය තමයි මේ වගේ කතා කියන්නේ. රාජපක්ෂවරුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඔ්න. අපි හදන සන්ධානය කඩා කප්පල් කරන්න කවුරු හරි උත්සාහ ගන්නවා නම් ඒ අයගේ අවශ්‍යතාවය වෙන්නේ රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් අරගෙන දීමයි. එහෙම නැතිනම් තුනෙන් දෙක පස්සේ හරි එල්ලලා දෙන්න තමයි මේ අය හදන්නේ.

අපි සියලු බලමුළු එකතු කරලා සන්ධානය හදන්නේ රාජපක්ෂවරු පරාජයට පත් කිරීමටයි. කවරුන් හෝ මේ සන්ධානයට විරුද්ධ වෙනවා නම් ඒ අය උත්සාහ ගන්නේ නැවත වරක් රාජපක්ෂවරුන්ට බලය ලබාදීමයි. මේ සන්ධානයට කවුරුන් හෝ චෝදනා කරනවා නම්, සජිත් ප්‍රේමදාස මහාතගේ නායකත්වයට, රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයාගේ මහ ලේකම්ධූරයට අභියෝග කරමින් අපි අරගෙන යන ගමනට බාධා කරනවා නම් ඒ අය රාජපක්ෂවරුන්ගේ පඩි ලයිස්තුවේ, රාජපක්ෂවරු නැවත වරක් බලයට ගෙන ඒමේ ගනුදෙනුවේ ඉන්න ඩීල් කාරයෝ කියලා අපි බය නැතිව කියනවා. මේක දේශපාලනය දන්න ඔබලාට අලුතින් කියා දිය යුතු නැහැ. මේක තමයි ඇත්ත කතාව.

රනිල් වික්‍රමසිංහත් අපිට අවශ්‍යයි. සජිත් ප්‍රේමදාසත් අපිට අවශ්‍යයි. මේ නිසා තමයි හැමෝම එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කළේ. අපිට අවශ්‍ය ජයග්‍රහණය කිරීමටයි. අපිට අවශ්‍ය මහින්ද රාජපක්ෂ නැවත වරක් අගමැති වීම වැලැක්වීමට තමයි අවශ්‍ය. සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කිරීමට තමයි අපිට අවශ්‍ය. ඒකට අපි එකතු වෙමු. ශක්තිමත් වෙමු. අපි මේ ගමන ඉදිරියට යමු. ඒ සන්ධානය ලබන සතියේ සදුදා දිනයේදී එළිදකිනවා.

රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලැබෙන්නේ නෑ. ඒක හොදටම විශ්වාසයි. අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්න ඔ්න රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීම වැලැක්වීමට නොවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තාය අගමැති පුටුවේ වාඩි කරවීමට

– manusha media


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප කල්ලියක් රාජපක්‍ෂලාගේ පඩි ලයිස්තුවේ !
එජාප කල්ලියක් රාජපක්‍ෂලාගේ පඩි ලයිස්තුවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg65vFge8kzQBUEOnKDq4O4s-mJ4yIFA29Y4wY2TmBCJwHEyFe4XqyYcoDVgOSKI_30ATHVTewg__4Dr-ud8FrrkeGEUPBGr4mNizAAtrBASxWmwyl8bhJy9f6zTROIRhCmGz7vv880o1Io/s320/manusha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg65vFge8kzQBUEOnKDq4O4s-mJ4yIFA29Y4wY2TmBCJwHEyFe4XqyYcoDVgOSKI_30ATHVTewg__4Dr-ud8FrrkeGEUPBGr4mNizAAtrBASxWmwyl8bhJy9f6zTROIRhCmGz7vv880o1Io/s72-c/manusha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_306.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_306.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy