දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණයේ සජිත්ට එක්වූ පක්‍ෂ රැසක් ‘හාරත’ පක්‍ෂය අතහරී.. දෙමල සන්ධාන සහායත් නෑ !
Homeප්‍රවෘත්ති

ජනාධිපතිවරණයේ සජිත්ට එක්වූ පක්‍ෂ රැසක් ‘හාරත’ පක්‍ෂය අතහරී.. දෙමල සන්ධාන සහායත් නෑ !

PropellerAds

පි විතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. සජිත් ප්‍රේමදාස මැතිතුමාග...

ත්‍රීරෝද රථයෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුවියකට රියදුරා බ්ලූ ෆිල්ම් පෙන්වයි..
ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි…
භාග්‍යාගේ පරිසර සටනට ඇමති වාසුත් එක්වෙයි.. තර්ජනාත්මකව ප‍්‍රශ්ණ කල නිලධාරීන්ට පරීක්‍ෂණයක් ඉල්ලයි
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකරන සන්ධානයේ ලකුණ ලෙසට හදවත තෝරා ගත් බවට මැතිවරණ කොමිසම හරහා අපට දැනගන්නට ලැබුණා.
නමුත් මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමන් නොදන්නා දේ නම් එතුමන් හදවත තෝරා ගන්නා විට මහින්ද ගෝඨාභය සුසංයෝගය ජනතා හදවත් හොරකම් කර අවසන්. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හොරා හොරා කියලා පැරැද්දුවහම අපි නුගේගොඩ මහා දැවැන්ත සෙනගක් ගෙනල්ලා මොකද්ද පෙන්නුවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් කර ඇත්නම් ඒ සොරකම් කර ඇත්තේ ජනතාවගේ හදවත් පමණයි කියන එකයි.

2015 පෙබරවාරි මස 18 වෙනිදා අපි ලෝකයට කිව්වේ එයයි. අපි හදවත මහින්ද-ගෝඨා සුසංයෝගයේ ලකුණ බවට පත්කළේ 2015 පෙබරවාරි මස 18 ‍වෙනිදායි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඇතුළු නව සන්ධානය පුදනකොටම කාපි යකා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සලකුණ ලෙසින් ගෞරව කරන හදවත සිය ලකුණ බවට පත් කරගන්නට යෑමෙන් සිදුකර ඇත්තේ තමන්ට අහිමි දෙයක් තමන්ගේ කරගන්නට යාමයි. මීළඟ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ආවිට සජිත් ප්‍රේමදාස මැතිතුමාට වෙන්නේ “ හිමිනැති ළදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා “ කියලා ඉකිබිඳලා අඩන්නයි.

එමෙන්ම අලුත් සන්ධානයක්, අලූත් සන්ධානයක්, කිව්වට මෙහි අලුත් සන්ධානයක් නැහැ. 2019 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කිරීමට එකතුවුනු පක්ෂවත් අද සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරන තැන නැහැ. පසුගිය ජනාධිපතිවරණ සටනේ සජිත් ප්‍රේමදාස සන්ධානයේ ප්‍රබලතම පාර්ශවකරුවෙකු වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. නමුත් දෙමළ ජාතික සන්ධානය ද මේ වන විට හදවතින් ගිලිහී ගිහින් තියෙනවා. එහෙම නම් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දවත් ලබාගත නොහැකි සන්ධානයක් තමයි මෙවර ඉදිරිපත් වන්නේ. ජනාධිපතිවරණයේ දී හිමිවුණේ පරාජය නම් මෙවර අන්ත පරාජයක් හිමිවන බව මේ සන්ධානය දිහා බැලුවම කිව හැකියි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණු පක්ෂ ටිකමයි ඔතන තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය, පාච රණවක මැතිතුමාගේ ජාතික හෙළ උරුමය, රවුෆ් හකීම් මැතිතුමා ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදියුදීන් මැතිතුමාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මැතිතුමා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, මේ කට්ටිය ඔය විදිහටම 2015දීත් හිටියා. ඔයිටත් වඩා වැඩි පිරිසක් පැරදුනු ජනාධිපතිවරණයේදීත් හිටියා. ඒ නිසා අලූත් සන්ධානයක් කියල කිව්වට අලුත් ලකුණක් විතරක් ගෙනාවට ලකුණ හැරුණුවිට අලුත් කිසිම දෙයක් මෙතන නැහැ. අලුත් බෝතලේක පරණ වයින් දාලා ජනතාව රවටන්නට උත්සාහ කිරීමක් විදිහටයි අප දකින්නේ.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණයේ සජිත්ට එක්වූ පක්‍ෂ රැසක් ‘හාරත’ පක්‍ෂය අතහරී.. දෙමල සන්ධාන සහායත් නෑ !
ජනාධිපතිවරණයේ සජිත්ට එක්වූ පක්‍ෂ රැසක් ‘හාරත’ පක්‍ෂය අතහරී.. දෙමල සන්ධාන සහායත් නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOwmGNlvdN_g0ew0ykxREUzcVjgUL4Xq2CrRxDWIQL6fZeXxL_Zj_QBkoj9d3cTFSFeq9ctVjGo90fvTfpPgmG4Xi2i1xex4zzIx21tfzojlB6G8rc0UPgfWM_qtS9nYLCqXv_oAcel8ge/s320/thjc-Sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOwmGNlvdN_g0ew0ykxREUzcVjgUL4Xq2CrRxDWIQL6fZeXxL_Zj_QBkoj9d3cTFSFeq9ctVjGo90fvTfpPgmG4Xi2i1xex4zzIx21tfzojlB6G8rc0UPgfWM_qtS9nYLCqXv_oAcel8ge/s72-c/thjc-Sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy