ආ න්දෝලනයට ලක්ව ඇති රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට වලට අදාළව කීප දෙනෙකු ඉදිරියේදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව තිබේ. රහස් ...
ආන්දෝලනයට ලක්ව ඇති රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට වලට අදාළව කීප දෙනෙකු ඉදිරියේදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව තිබේ.
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, අධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු, නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන් 10 දෙනෙකු පමණ මේ අනුව ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත.
මේ වන විටද අදාල පුද්ගලයන්ගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දුරකථන සමාගම් දෙකකට දැනුම් දී ඇත.
ඒ අනුව එම සමාගම් දෙක විසින් එකේ දුරකථන ඇමතුම සම්පූර්ණ වාර්තා මේ වනවිට ලබාදීමට කටයුතු කරමින් සිටියි.
අදාල දුරකථන වාර්තාවන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් ද සමගිනි.
මෙම පිරිසගෙන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිත අතර ඒ සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට ද මේ වනවිට කටයුතු සූදානම් කරමින් ඇත.

COMMENTS