ජනතාවට සහන දීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසය...
ජනතාවට සහන දීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
ආණ්ඩුවක් කරගෙන යාම ලේසි පහසු කාර්යභාරයක් නොවන බව මේ වන විට පැහැදිලි වන බවත් ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් ජනතාව වෙනුවෙන් කළ හැකි සියලු දේ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
COMMENTS