දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුද්ගල දත්ත එක් තැනකට රැස් කිරීමෙන් වෙනත් පාර්ශවයකට යාමේ අවදානමක් !
Homeප්‍රවෘත්ති

පුද්ගල දත්ත එක් තැනකට රැස් කිරීමෙන් වෙනත් පාර්ශවයකට යාමේ අවදානමක් !

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු එක් දත්ත මධ්‍යස්ථානයක් ...

කාලගුණය හෙට සිට යළි වෙනස් වෙයි
නාමල් ඇතුළු 5කගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර
මහින්ද - විමල් හිරේ දමා වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු එක් දත්ත මධ්‍යස්ථානයක් වෙත රැස් කිරීමට වත්මන් රජය ගෙන ඇති තීරණය කාලෝචිත ක්‍රියාවක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

එහෙත් මෙවැනි දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ප්‍රථම පුද්ගල දත්ත ආරක්ෂණය කිරීමට වැඩපිළිවෙලක් සකස්කළ යුතු අතර විශේෂයෙන්ම එක් මධ්‍යස්ථානයකට රැස් කරනු ලබන පුද්ගල තොරතුරු රජය හෝ විවිධ වෙනත් පාර්ශව විසින් අවභාවිතා කිරීමට හැකියාවක් පවතී.

යම් පුද්ගලයෙකුගේ රාජ්‍ය ලියාපදිංචි තොරතුරු පමණක් නොව එම පුද්ගලයාගේ දුරකථන සංවාද, එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය වැනි එම පුද්ගලයාට පමණක් අනන්‍ය වූ රහසිගත තොරතුරු මෙම දත්ත මධ්‍යස්ථානයෙහි නොදුරු අනාගතයේදී ගබඩාවිය හැකි බැවින් එම දත්තවලට රජයට හෝ වෙනත් පාර්ශවයකට කිසිදු සටහනක් නොමැතිව පිවිසිය හැකිය.

එසේ සිදුවන අවභාවිතා වලට සහ රජය විසින් ජනතාවට නොදන්වා සිදුකරනු ලබන Mass surveillance වැඩසටහන් වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ලබාගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොහැකි බැවින් ( ශ්‍රී ලංකා රජය ව්‍යවස්ථානුකූලව පෞද්ගලිකත්වය මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිලි නොගනී ) මෙසේ ජාතික දත්ත මධ්‍යස්ථානයකට සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ දත්ත එක්රැස් කිරීම විශාල ගැටලුවක් ලෙස දැකගත හැකිය.

රජය ජාතික දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට පෙර ජනතාවගේ පෞද්ගලිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගත යුතු අතර දත්ත ආරක්ෂණය සදහා පෞද්ගලිකත්ව පනතක්ද සම්පාදනය කල යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට අවධාරණය කරන්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගල දත්ත එක් තැනකට රැස් කිරීමෙන් වෙනත් පාර්ශවයකට යාමේ අවදානමක් !
පුද්ගල දත්ත එක් තැනකට රැස් කිරීමෙන් වෙනත් පාර්ශවයකට යාමේ අවදානමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0Q9jXztl0SZnX5wgqWIQFmAS5hO9sbwKXBF9aSR5PU68lEAh9iqdA4f_k6UEtfguMstTGzIwrPohUeBUGcV-jA5E277kkmtSi-d_lkwVdGdtigGASskBwxUzAWHXfV-IT26qDV-cbkWQ5/s320/data.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0Q9jXztl0SZnX5wgqWIQFmAS5hO9sbwKXBF9aSR5PU68lEAh9iqdA4f_k6UEtfguMstTGzIwrPohUeBUGcV-jA5E277kkmtSi-d_lkwVdGdtigGASskBwxUzAWHXfV-IT26qDV-cbkWQ5/s72-c/data.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy