දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා වෛරසයෙන් මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන - අසල්වැසි ඉන්දියාවේත් වෛරසය පැතිර යන බවට තොරතුරු
Homeප්‍රවෘත්ති

කොරෝනා වෛරසයෙන් මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන - අසල්වැසි ඉන්දියාවේත් වෛරසය පැතිර යන බවට තොරතුරු

PropellerAds

සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන...

නව අගමැති දිවුරුම් දීම අද? - සඳුදාට නව කැබිනට්ටුවක්
සමන් රන්තප්‍රිය ත්‍රස්ත විමර්ශන ඒකකයට
මහින්ද ඉල්ලා අස්වීමට සූදානම්?
සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවා තිබෙනවා. චීනයේ මෙම වෛරසය පැතිරීම ආරම්භයට මාස තුනකට පෙර ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුනේ ඔවුන් සකස් කර ඇති උපකල්පිත වැඩසටහනක් යටතේයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ පළමු වරට චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගය පිලිබඳව වාර්තා වීමේදී තමන් පුදුමයට පත්නොවූ බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය එරික් ටෝනර් මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

"මෙම වෛරසය මිට පෙර වාර්තාවූ "සාර්ස් වෛරසයට" වඩා වේගයෙන් පැතිරෙන බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා. වෛරසය පැතිරී යාම ආරම්භවී මාස 06ක් ගතවන තැන මෙය ලෝකයේ සෑම රටකටම පැතිරී යනු ඇත.

" මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී මේ කරුණු වාර්තා වුනා. 1918 වර්ෂයේදී ස්පාඤ්ඤයේ පැතිරී ගිය උණ රෝගය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා. එම උණ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500ක්.

ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක් වුවා. එවැනි වෛරස් රෝගයක් යලි පැතිරීමේ අවධානමක් ගැන අප කල්තියා අවධානය යොමු කළා. එහිදී අපට පරිගණක දත්ත මගින් පෙන්නුම් කළා මෙවැනි වෛරස් තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි විනාශය කොතරම්ද කියා. එය දැන් සිදුවෙමින් පවතිනවා. මෙය ලොව පුරා පැතිරී යන වසංගත තත්ත්වයක් පමණක් නොවේ. එය ලෝක ආර්ථිකයටද විශාල පහරක් එල්ල කරාවි"

මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 41ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 1300කට ආසන්න වනවා. එසේම චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

එසේම මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා වෛරසයෙන් මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන - අසල්වැසි ඉන්දියාවේත් වෛරසය පැතිර යන බවට තොරතුරු
කොරෝනා වෛරසයෙන් මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන - අසල්වැසි ඉන්දියාවේත් වෛරසය පැතිර යන බවට තොරතුරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxt4BnDVn_DlUW-Cc_EHj5ButUneur59jYpRoJQt71QRUNfUpvZmPAQ9W39BZohNdR1JxiQ4Ks5KkmXLMzDWW6g4rKOcq5hTXfQ3Af2l_qdsNZtYHaDXVX2dOzYeWbfSwM1OLzU3vavmqa/s320/corona-srilanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxt4BnDVn_DlUW-Cc_EHj5ButUneur59jYpRoJQt71QRUNfUpvZmPAQ9W39BZohNdR1JxiQ4Ks5KkmXLMzDWW6g4rKOcq5hTXfQ3Af2l_qdsNZtYHaDXVX2dOzYeWbfSwM1OLzU3vavmqa/s72-c/corona-srilanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy