ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කොළඹ, බේරේවැව අසල ඉඩම් අක්කර 6ක් ශැං ප්‍රොපටීස් නම් සමාගමක් වෙත 99 අවුරුදු බදු පදනමින් ල...
මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රධාන පාර්ශ්වකරු වන ශැං සමාගම ශැංග්‍රිලා සමූහයට අනුබද්ධ සමාගමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉඩම 99 අවුරුදු බදු පදනමින් පවරා ගැනීම සඳහා අදාළ සමාගම දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් රජය වෙත ගෙවා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව එකොනොමි නෙක්ස්ට් වාර්තා කර තිබේ.
මීට මාසයකට පෙර ද ඇමරිකානු ඩොලර් මිලියන 250ක ව්‍යාපෘතියක් සඳහා බේරේවැව අසල අක්කර තුනක ඉඩමක් ශැංග්‍රිලා හෝටලයට අනුබද්ධ සිංගප්පූරු සමාගමක් වෙත ලබාදී තිබිණි.
පසුගිය රජය යටතේ 99 අවුරුදු බදුදීම් සිදු කෙරෙන විට එවකට විපක්ෂයේ සිටි, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අද ආණ්ඩුවේ සිටින උදවිය පැවසුවේ ආණ්ඩුව රජයේ ඉඩම් විකුණා දමා ඇති බවකි. දැන් මේවා බදුදීම් මිස විකිණීම් නොවන බව හතර අතේ දිවුරමින් ජනතාව වෙත කියන්නට ඔවුන්ට සිදුව තිබේ.
අනෙක් අතට එදා බදුදීම් හොඳ වූ එක්සත් ජාතික පක්ෂය අද මේ 99 අවුරුදු බදුදීම් විකිණීම් වශයෙන් හඳුන්වමින් සිටී.
විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉඩම් ලබාදීමට සිදුවන බැවින් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකරගැනීමත් උපරිම විනිවිදභාවයෙන් යුතුව, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද යටතේ මෙම ඉඩම් ගනුදෙනු සිදුකිරීමත් මිස බලය ඇතිවිට එක් ආකාරයකිනුත් බලය නැතිවිට තවත් ආකාරයකිනු හැසිරෙමින් ජනතාව රැවටීම තේරුමක් නොමැති බව ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම දැන්වත් තේරුම්ගත යුතුව ඇත.
COMMENTS