ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිරදඬුවම් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගා...
බොදු බල සේනා විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා උපුටා දක්වමින් සදහන් කර ඇති එම වාර්තාවන්හා දැක්වෙන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී මෙම හමුව සිදුව ඇති බවත් විනාඩි ගණනාවක කාලයක් ඔහුන් දෙදෙනා සාකච්චා කල බවත්ය.
ඊයේ දිනයේ ජනාධිපතිවරයා පොදු සමාව යටතේ සිරුකරුවන් 762ක් නිදහස් කරන ලද අතර ඉල්ලීම් ගණනාවක් කර තිබුණද ඥාණසාර හිමියන්ට පොදු සමාව ලබා දී නොතිබින.
සිරකරුවන් නිදහස් කිරීමේ උත්සව අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපති සමාව මගින් නිදහස් කරන ලද සිරකරුවන් නැවතත් අයහපත් ලෙස හැසිරුනහොත් ජනතාව තමනටත් තම දෙවමුපින්ටත් බණිනු ඇති බවයි.
COMMENTS