දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගීන් 176කට මරු කැඳවූ යුක්‍රේන ගුවන් අනතුරට හේතුව ඉරානයේ මිසයිල ප්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

මගීන් 176කට මරු කැඳවූ යුක්‍රේන ගුවන් අනතුරට හේතුව ඉරානයේ මිසයිල ප්‍රහාරයක් !

PropellerAds

176කට මරු කැදවමින් ඉරානයේදී ගුවන් යානයක් කඩාවැටී අනතුරට පත්වීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බවට සැක මතු වී තිබේ. චන්ද්‍රිකා දත්ත මගින්ද ඒ බව ...

එජාපය කනත්තට තල්ලු වෙමින් තිබෙනවා" - තිස්ස අත්තනායක
වැස්සෙන් හානි වූ නිවාසවලට සෙවිලි තහඩු දෙයි
අගමැතිට එරෙහි විශ්වාසභංගය පුස් වෙඩිල්ලක් බව කාවින්ද කියයි
176කට මරු කැදවමින් ඉරානයේදී ගුවන් යානයක් කඩාවැටී අනතුරට පත්වීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බවට සැක මතු වී තිබේ.

චන්ද්‍රිකා දත්ත මගින්ද ඒ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

අමෙරිකාව සමග පවතින යුද උණුසුම මධ්‍යයේ ඉරානයේදී යුක්‍රේනයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටී අනතුරට පත්වීමට හේතුව අත්වැරදීමක් බවට තිබූ සැකය තවත් ත්‍රීව වී තිබේ.

බටහිර නායකයින් පවසන්නේ දැනට ලැබී ඇති සාක්ෂි වලට අනුව ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යානය කඩා වැටෙන්නට ඇති බවට අනුමාන කළ හැකි බවයි.

යුක්‍රේනයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය කඩා වැටී සිදු වූ අනතුරින් 176 දෙනෙකු මියගියේය.

යුක්‍රේන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක්ව තිබෙන්නේ එය ඉමාම් කොමෙයිනි ගුවන්තොටුපොළින් ගුවන්ගතව සුළු වෙලාවකින්ය.

යානය යුක්රේනයේ කියෙව්  අගනුවර බලා පියාසර කරමින් තිබුණි.

මියගිය පිරිස අතර ඉරාන ජාතිකයින් අසූ දෙදෙනෙක් , කැනඩා ජාතිකයින් 11 දෙනෙක් , කාර්ය මණ්ඩලයේ නව දෙනෙක් ඇතුළු යුක්‍රේන ජාතිකයින් 11 දෙනෙක් , බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනෙක් සහ ජර්මානු ජාතිකයින් තිදෙනෙක් වනවා.

මේ අතර කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සහ බ්‍රිතාන්‍යය බොරිස් ජොන්සන් අනතුර පිළිබඳ  පූර්ණ සහ විධිමත්  විමර්ශනයක් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරානය  පවසන්නේ  සිය ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් එවැනි මිසයිල ප්‍රහාරයක් එල්ල නොවූ බවයි.

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියෙකු වූ කාසෙම් සුලෙයිමානි ඝාතනයට ඉරානය ප්‍රතිචාර දැක්වූයේ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු දෙකකට බැලැස්ටික් මිසයිල ප්‍රහාර  එල්ල කරමින්ය.

ඉන් පැය කිහිපයකට පසු ගුවන් කඩාවැටී අනතුරට පත්ව ඇති අතර අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ සිය ප්‍රහාරයට ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටි ඉරානය අමෙරිකානු ප්‍රහාරක යානයක් බව සිතා වැරදීමකින් මගී ගුවන් යානය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව අනතුර සිදු වූ හා කාලය පිළිබඳව සළකා බැලීමේදී අනුමාන කළ හැකි බවයි.

මේ අතර චන්ද්‍රිකා දත්ත මගින් මිසයිල දියත් කිරීම් දෙකකින් පසුව තවත් පිපිරීමක් සිදුව ඇති බව අනාවරණය වී ඇති බව අමෙරිකානු බුද්ධි තොරතුරු උපුටා දක්වමින්  CBS  පුවත් සේවය වාර්තා කළේය.

පෙන්ටගනය ,අමෙරිකානු සහ ඉරාක බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා  වාර්තා කළේ  රුසියාවේ නිෂ්පාදිත  ටෝර් මිසයිලයක් යානයේ ගැටී ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

යානයේ කලු පෙට්ටිය බෝයිං සමාගම වෙත හෝ අමෙරිකාව වෙත ලබානොදෙන බව ඉරානය පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මේ වනවිට අනතුර සම්බන්ධ විමර්ශන කටයුතුවලට  සහභාගී වන ලෙස ඉරාන විදේශ අමාත්‍යංශය බෝයිං සමාගමට ඇරයුම් කර තිබේ.

2014 වර්ෂයේ නැගෙනහිර යුක්‍රේනයේ දී මේ හා සමාන සිදුවීමකට  මුහුණ දුන්  මැලේසියානු ගුවන් සමාගමකට අයත් MH17 ගුවන් යානා අනතුර විමර්ශනය කළ විමර්ශකයින් ද ඒ සඳහා සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගීන් 176කට මරු කැඳවූ යුක්‍රේන ගුවන් අනතුරට හේතුව ඉරානයේ මිසයිල ප්‍රහාරයක් !
මගීන් 176කට මරු කැඳවූ යුක්‍රේන ගුවන් අනතුරට හේතුව ඉරානයේ මිසයිල ප්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvwPhPSFHhrtYvWxkhf3CJ_5TErxv6VO4ustk4mX57pF_6iTm8Ob0GqfGDSFOqsUTNJO-emkzmKVRWORiSt7m05KXogkpK7askAidNhcb6v1czBpZDuija9cBFuNe03MCPmNZ88PRXco-v/s320/0969f2e593136610a67f894bc001b8f4711ac653.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvwPhPSFHhrtYvWxkhf3CJ_5TErxv6VO4ustk4mX57pF_6iTm8Ob0GqfGDSFOqsUTNJO-emkzmKVRWORiSt7m05KXogkpK7askAidNhcb6v1czBpZDuija9cBFuNe03MCPmNZ88PRXco-v/s72-c/0969f2e593136610a67f894bc001b8f4711ac653.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/176.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/176.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy