එක්සත් ජාතික පක්ෂය කනත්තට තල්ලු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ ඊයේ (18) මාධ්‍යවේදීන් නැගූ ...
එක්සත් ජාතික පක්ෂය කනත්තට තල්ලු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ ඊයේ (18) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“77 ජයග්‍රහණය පිටිපස්සෙන් හිටපු ප්‍රධානම පුරවැසියෙක් හැටියට පණ්ඩිතරත්න මෙම කඩාගෙන වැටීම දුටුවා. ඒ නිසයි ඒ නිර්දේශ එතුමා කරන් තිබුණේ. පරාජයේ වගකීම පිළිබඳව භාර ගැනීමක් සිදු නොකිරීම හරහානේ මේ ඔක්කොම ගැටුම් ඇති වෙලා තිබෙන්නේ. මන් හිතන්නේ ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට තමයි ආණ්ඩුවක් තියාගෙන මේ ආකාරයෙන් දැවැන්ත පරාජයක් ලැබුණේ. ඒක ලේසි පහසු පරාජයක් නෙවෙයි. කෙටියෙන්ම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය දැන් කනත්තට තල්ලු වෙමින් තිබෙනවා. තව මාස 18 කින් විතර ජනාධිපතිවරණය එනවා. හැබැයි ඒ සටන් කරන්න පුළුවන් කියන හැගීම නායකයන්ට දැනෙනවද කියන්න දන්නේ නැහැ. මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් ජවයක් තියෙන නායකත්වයක් ඇති වෙන්නේ නැතුව මෙම ගමන යන්න අමාරුයි.”
“ඇත්තටම මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල වුණා සහෝදර සමාගම රට පාලනය කරනවා කියලා. එහෙම විශේෂත්වයක් තියෙන ඇමතිවරු බිහි වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද ජන මතයක් තියෙන පිරිස් ඉන්නවා ඕනේ තරම්. ඉතින් ඒ අයට ඉඩ දෙන්න ඕනේ. එහෙම ඉඩ නොදී මේ ගමන යන්න ගිහින් තමයි එක්සත් ජාතික පක්ෂය මේ පාඩම ඉගෙන ගෙන තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය භාර ගත්තොත් වෙනසක් එක්සත් ජාතික පක්ෂයේ ඇති කරන්න පුළුවන් කියලා මමත් හිතනවා. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ අපේ නායකයෝ ජයග්‍රහණ අරන් දෙන්න ක්‍රියා කරලා තියෙනවා. අවාසනාවට වගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඒක කරන්න අමාරු වුණා අවස්ථා ගණනාවක. දැන් තීන්දුවකට එන්න ඕනේ. විශ්වාසභංග යෝජනාව ගෙන්නල්ලා, ගැටුම් නිර්මාණය වෙලා එලවන මට්ටමකට පෙළපාලි යන පක්ෂයක් නෙවෙයි අපිට ඕනේ”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS