එ ක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම ජනවාරි 15 වනදා සිදුකිරීමට දින නි...
එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම ජනවාරි 15 වනදා සිදුකිරීමට දින නියම කරගෙන ඇති බව වාර්තා වේ.
පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයට රනිල් වික්‍රමසිංහ මහතා විසඳුමක් දෙන බවක් නොපෙනෙන නිසා ස්ථිරවම නව පක්ෂය පිහිටුවීමේ තීරණයට පෙරේදා (09) දිනයේදී ඔවුන් පිවිසි බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
එජාප නායකත්වය අර්බුදය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා එජාප මන්ත්‍රී කණ්ඩායම පෙරේදා පස්වරුවේ රැස්වූ නමුත් තීරණයකින් තොරව එම රැස්වීම නිමවී තිබුණේ ගැටුම්කාරී වාතාවරණයක් ද ඇති කරමිනි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට දැනුම් දී තිබුණේ තමන් විදෙස්ගත වන බවත් ආපසු පැමිණි පසු ලබන බ්‍රහස්පතින්දා දිනයේදී නායකත්වය පිළිබඳ ඡන්ද විමසීමකට යාහැකි බවත්ය. එහෙත් තවදුරටත් මේ කතා වෙනුවෙන් කල්මැරීම තේරුමක් නොමැති බව සජිත් පාර්ශ්වය විසින් අදාළ රැස්වීමෙන් අනතුරුව තීරණය කර ඇති බව සඳහන්.
නව දේශපාලන පක්ෂයෙහි මහලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ තිස්ස අත්තනායක මහතාවය.

COMMENTS