පි රිපහදු නොකළ පොල්තෙල් සහ ආදේශක තෙල් කන්ටේනර් දහතුනක් වරායේ තිබී ඇති බවත්, ඒවා පරික්ෂා කිරීමේදී පිළිකා කාරක සහිත බව තහවුරු වන අවස්ථාවේ එම...
පිරිපහදු නොකළ පොල්තෙල් සහ ආදේශක තෙල් කන්ටේනර් දහතුනක් වරායේ තිබී ඇති බවත්, ඒවා පරික්ෂා කිරීමේදී පිළිකා කාරක සහිත බව තහවුරු වන අවස්ථාවේ එම තෙල් තොගය රට පුරා බෙදා හැර ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටී.
දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
පිරිපහදු නොකළ මෙම පොල්තෙල් අලුත් අවුරුද්ද ඉලක්කකර ප්‍රමාණයට වඩා වැඩියෙන් ගෙන්වා ඇති බවද ඒ මහතා කියා සිටී.
ජනවාරි සහ පෙබරවාරි මාස වල මෙරටට මෙට්‍රික් ටොන් 40,000ක් පමණ ආදේශක තෙල් ආනයනය කර ඇති බවත්, එයින් මෙට්‍රික් ටොන් තිස් දාහක් ලංකාවට ආනයනය කර ඇත්තේ බදු සහන යටතේ බවත්, ඒ සඳහා මිලියන 10.5ක මුදලක් වියදම් කර ඇති බවත්, වැඩිදුරටත් සිල්වා මහතා පැවසීය.
මේ අතර එම සංගමයේ සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ මහතා සඳහන් කරන්නේ වෙළඳපොළට නිකුත් වී ඇති පොල්තෙල් සහ විදේශ රටවලින් පෙන්වා වරායේ ඇති පොල්තෙල් හා ෆාම් ඔයිල් සියල්ල මිනිස් පරිභෝජනයට සුදුසු දැයි අප්‍රේල් පළවෙනිදා ට පෙර පරීක්ෂාකර රටට හෙළි කළ යුතු බවයි.
පිරිපහදු නොකළ පොල්තෙල්, ආදේශක තෙල් හා පාම් ඔයිලවල ඇල්ෆා ටොක්සින් (alpha toxin) ඇමැති පිළිකා කාරක අඩංගු බවයි.
මේ අතර, ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 8700ක් ඊයේ (23) රාත්‍රියේ වරායෙන් නිදහස් කර ඇති බව හෙළිකර ගැනීමට හැකි විය.
අදාළ පොල්තෙල් වංචාව තුළ ලංකාවේ නම ගිය ප්‍රධන ඇයතන තුනක් ඇතැයි ද වාර්තා වේ.
එහි පෙරමුණ ගෙන සිටින්නේ සීනි බදු වංචාව සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවූ සමාගමක් බව වාර්තා වේ.

COMMENTS